ෂැන්ග්‍රි-ලාට ඉඩමදී ආරක්ෂක අමාත්‍යංශය අකුරේගොඩ යයි
Wednesday, 26 January 2011කොළඹ ගාලු මුවදොර අසල පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සහ යුධ හමුදා මූලස්ථානය මෙන්ම නිළ නිවාස පහසුකම් සහිතව සියලු ආරක්ෂක හමුදා මූලස්ථාන බත්තරමුල්ල, අකුරේගොඩට ගෙන යාමට තීරණය කළබව රජය කියයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරන ලද මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව රජය සඳහන් කරයි. දැනට ආරක්ෂක අමාත්‍යාංශය පිහිටි කොළඹ ගාලු මුවදොර පරිශ්‍රය අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගමට තරු හතක හෝටලයක් ගොඩ නැගීමටත් චීනයේ CATIC සමාගමට තරු පහක හෝටලයක් ගොඩනැගීමටත් අවුරුදු 99 ක බදු පදනම මත ලබාදී තිබේ. මෙම ඉඩම් බදුදීම මගින් රජය ඩොලර් මිලියන 250 මුදලක් රැස්කර ගැනීමට සැලසුම් කර ඇති අතර මේ වනවිටත් ෂැන්ග්‍රි-ලා සමාගම ඉන් ඩොලර් මිලියන 125 ක් රජයට ගෙවා ඇත. රජය සඳහන් කර තිබෙන්නේ මෙම ඉඩම් ලබාදීමෙන් ලැබෙන අදාළ මුදල් වලින් බත්තරමුල්ල, අකුරේගොඩ ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන ලබාගන්නා බවයි.
ෆොන්සේකා ගැන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්
සරත් ෆොන්සේකා හමුදා අත්අඩංගුවේ රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ක‍්‍රියාත්මක වන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වන බව වාර්තා වේ. මෙයට අදාළව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කවුන්සිලයට ලිඛිතව දැනුම් දෙන ලෙස එජාප නායක රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන මහතා වෙත දන්වා තිබේ.
මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ මෙම ක‍්‍රියාමාර්ගය පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවය. සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා තමන් සෑම උත්සාහයක්ම ගන්නා බවත් ඔහු පාර්ලිමේන්තුවට ගෙන ඒම තම පක්‍ෂයේ ප‍්‍රමුඛ අරමුණ බවත් ඔහු සඳහන් කරයි.
සියලු කම්කරු ප්‍රජාවට ම සුබ අනාගතයක්
දේශප්‍රේමී කම්කරුවා 01.05.2010
සාදුකින් පෙළෙන’වුන් දැන් ඉතින් නැගිටියව් යන සටන් පාඨය අදට වලංගු නැත. නූතන කම්කරුවාගේ ගැටලුව සාදුක නො වේ. ගල් අ¼ගුරු ආකරවල දැලි ගාගත් කම්කරුවෝ නැත. මිනිරන් පතල්වල මඩ නාගත් කම්කරුවෝ නැත. කම්කරුවාගේ ස්ථානය මෙවලම් විසින් භාරගෙන තිබේ. නූතන කම්කරුවා යනු ජංගම දුරකථන හා පරිගණක භාවිත කරමින් යන්ත්‍ර – සූත්‍ර මෙහෙයැවමින් නිෂ්පාදන ක්‍රියාවලියට තම දායකත්වය සපයන තාක්ෂණික මිනිසෙකි. ඒ අනුව කාලය විසින් කම්කරුවාගේ ස්වාභාවය හා ස්වරූපය වෙනස් කර තිබේ. එහෙත් එක් දෙයක් නො වෙනස් ව පවතී. එනම්; පාලකයා හා කම්කරුවා අතර පවතින ආදායමේ පරතරය යි. පන්තිය හා පන්ති අරගලය කිසිවිටෙකත් අමතක නො කළ යුතු බව මාවෝ සේතුං 1962 දී කියා සිටියේ ය. ඊට ටික කලකට පසු තවත් ලෝක මතයක් පැන නැඟිණි. එනම්; මාක්ස්ගේ පන්ති විග්‍රහය නව උපමාන සහිත ව යළි සකස් විය යුතු බව ය. ගෝලීය වෙළෙඳාමට බද්ධ නො වී රටක් සංවර්ධනය කළ නො හැකිය. බලශක්ති අර්බුදයට විසැඳුම් සෙවීම සඳහා සාධාරණ බෙදාහැරීමක් අවශ්‍ය වේ. සාගරයේ ආරක්ෂාව සඳහා ඒකාබද්ධ ආරක්ෂක දැලක් හෙවත් ජාලයක් භාවිත කළ යුතුය යන ලෝක මතවාද මේ සමඟ පැතිර යන්නට විය. මේ හැම මතයක ම යටි අදහස ධනවාදයට සේවය කිරීම ය. ධනවාදය කම්කරුවාගේ මූලික ස්වරූපය වෙනස් කරයි. ඔහු අතට මෙවලම් ලබා දෙයි. පහසුකම් වැඩිකරමින් අවශ්‍යතා සංකීර්ණ කරයි. දියුණු ධනවාදී සමාජයක කම්කරුවා නිදසුනක් ලෙස ගත හැකි ය. එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ ජර්මනියේ හා ජපානයේ කම්කරුවා මෝටර් රථ පාවිච්චි කරයි. අප්‍රිකාවේ හා ආසියාවේ කම්කරුවා ජංගම දුරකථනය ඇතැ’තිව බසයක් හෝ දුම්රියක් එනතුරු බලා සිටී. දෙදෙනා අතර වෙනසක් ඇති බව සරල දැක්මට අනුව පෙනී යයි. එහෙත් මේ දෙදෙනා ම ධනවාදය විසින් මුළාකොට තිබේ. එය අවබෝධ කර ගැනීම සඳහා මේ රටවල පාලක පන්තිය ගැනත්; ඔවුන්ගේ අන්තර්ජාතික ක්‍රියාකාරකම් ගැනත් වැටහීමක් ලබාගත යුතු ය. ලෝකයට බලපාන ප්‍රධාන අර්බුද කිහිපයක් ඇතැයි ජගත් සංවිධාන පෙන්වා දෙයි. පළමුවැන්න පාරිසරික ගැටලුව ය. දෙවැන්න ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට අයත් වේ. තෙවැන්න ආහාර හා බලශක්ති අර්බුදයට සම්බන්ධ ය. ඒ අනුසාරයෙන් ගොඩ නැඟුණු තවත් ගැටලු රැසක් පවතී. එහෙත් කම්කරුවන්ගේ ගැටලුව සාකච්ඡා වන්නේ ඉතා අඩුවෙන් ය. ඊට ලෝක මට්ටමෙන් තැනක් ලැබී නැත. ජගත් කම්කරු සංවිධානය කම්කරු ශ්‍රමය පිළිබඳ ගැටලුව වෙනත් දිශාවකට හරවා තිබේ. මේ සියල්ල ධනවාදයේ ප්‍රතිඵලය. ස්වාභාවික පරිසරය ශීඝ්‍ර ලෙස විනාශ කරන ධනපති රටවල් පාරිසරික නීතිවලින් දුප්පත් රටවලට දමා ගසයි. ඒ සමඟ දිළිඳු රටවල දුර්ලභ ස්වාභාවික සම්පත් කොල්ල කයි. ගෝලීයකරණය දුවන්නේ ඒ පිළිවෙළට ය. ශ්‍රී ලංකාවට ද ඉහත කී ලෝක බලපෑම ඇත. එහෙත් පැහැදිලි ධනවාදයක් හෝ පැහැදිලි සමාජවාදයක් හෝ මේ රට තුළ නැත. ඒ වෙනුවට එකතැන පල්වෙන මන්දගාමී දේශපාලනයක් හා මන්දගාමී ආර්ථිකයක් අපට තිබිණි. නිදහසින් පසු අවුරුදු හැට ගණනක් යනතුරු ම ඊට නිසි ඉලක්කයක් නොතිබිණි. මේ නිසා ම ඉලක්කයක් සහිත කම්කරු අරගල ද අපට නො තිබිණි. ශ්‍රී ලංකාවේ කම්කරුවා වනා හී පන්ති හැඟීමකින් යුතු ශ්‍රමිකයෙක් නොවේ. ඔහු ඉබාගාතේ යන වැඩකරන්නෙකි. මේ තත්ත්වය දැන් වෙනස් වී තිබේ. ශ්‍රී ලංකාවේ නූතන කම්කරුවා දේශප්‍රේමී කම්කරු වෙකි. ඔහු මවුබිමට ආදරය කරයි. ජාතියේ අභිමානය ගැන ගැඹුරට කල්පනා කරයි. ශ්‍රී ලංකාවේ කම්කරුවන් අතර පොදු හැඟීමක් ඇති කිරීමට වෑයම් කළේ මෙරට රාජ්‍ය අංශයෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය යි. ධනපති ආණ්ඩු එය විනාශ කිරීම සඳහා විවිධ උපායමාර්ග භාවිත කළේ ය. ධනපති ආණ්ඩුවල ප්‍රබලම උපාය මාර්ගය වූයේ සමස්ත රාජ්‍ය අංශය ම බෙලහීන කිරීම ය. රාජ්‍ය අංශය අහෝසි කොට පෞද්ගලික අංශයට වැඩ පැවරීම ඔවුන් ගේ ඉලක්කය විය. එහි අතුරු ඵලයක් ලෙස පාලක පක්ෂයට වැඩි වාසි සහිත ප්‍රඥප්ති නිර්මාණය වන්නට විය. විවෘත ආර්ථිකයට වැඩියෙන් නැඹුරු වූ කව්රුත් කම්කරු අයිතිවාසිකම් කපා හැරීමටත්, රාජ්‍ය අංශය දුර්වල කිරීමටත් පෞද්ගලික අංශයේ සූරාකෑමට සහයෝගය ලබා දෙන්නටත් පටන් ගත් හ. මහින්ද රාජපක්ෂ මහතා ඊට එරෙහි ව දේශපාලන සටනක් ගෙන ගියේ ඒ කාලය තුළ ය. රාජ්‍ය අංශය වෙනුවෙන් පෙනී සිටීමත්; කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමත් නිසා තමන්ගේ ම ආණ්ඩුවලින් බැට කන්නට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවිණි. ඔහු විසින් නිර්මාණය කරන ලද ඓතිහාසික කම්කරු ප්‍රඥප්තිය ආණ්ඩුවේ බලපෑමෙන් හමස් පෙට්ටියට යැවිණි. එය යළි කිසි දිනෙක කම්කරුවන් අතරට පත්වූයේ නැත. කම්කරු ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටීමේ දීර්ඝ ඉතිහාසයක් මහින්ද රාජපක්ෂ මහතාට තිබේ. අද ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ය. ඔහු ගේ පාලනයට අයත් කෙටි කාලය තුළ කම්කරුවන් දේශප්‍රේමීත්වය දෙසට පෙළගස්වා තිබේ. එය අලුත් ප්‍රවණතාවක් සේ සැලකියහැකි ය. එය පන්ති අරගලයේ ම වෙනත් ස්වරූපයක් ලෙස හඳුන්වා දෙන්නට ද පුළුවන.
රතු කමිස හැඳ රතු තොප්පි පැළඳ පෙළපාළි කිරීම අදට ගැළපෙන කම්කරු සටනක් නො වේ. පෙළපාළිවලින් හෝ වර්ජනවලින් හෝ ලබාගත හැකි විමුක්තියක් නැති බව කාටත් වැටහී යා යුතු ය. අද කම්කරුවන්ගේ අභිප්‍රායයන් වෙනස් ය. ඒ අනුව කම්කරුවන්ගේ උපායමාර්ගද වෙනස් විය යුතු ය. ශ්‍රී ලංකාවේ නූතන කම්කරු පන්තිය එක් අතකින් වාසනාවන්ත ය. ඊට හේතුව සාර්ථක රාජ්‍ය නායකත්වයක් හා ස්ථාවර දේශපාලන පසුබිමක් යටතේ සිය රාජකාරිය කරන්නට ඉඩ ලැබීම ය. මෙරට නූතන කම්කරු පන්තියට ශ්‍රමා’භිමානයකින් යුතුව කටයුතු කළ හැකි පරිසරයක් තිබේ. එය දීර්ඝ කාලයකට පසු මෙරට කම්කරු පන්තිය ලද මහඟු වරප්‍රසාදය වේ.
'ගැහැණියක් විවාහයට පෙර ලිංගික ප‍්‍රිතිය ලැබීම වරදක් නොවේ'. 'උගත් පිරිමි තමන් පාවා ගන්නා ස්ත‍්‍රිය කන්‍යාවක්ද කියා හොයන්නෙ නෑ'. ආදී වශයෙන් රුපවාහිනී සාකච්ඡාවකදී විප්ලවකාරි අදහස් ප‍්‍රකාශ කළ දෙමළ නිළි කුෂ්බු ඛාන් සුන්දර් සුචරිතවාදින් බොහෝ පිරිසකගේ විවේචනයට ලක්ව තිබේ.
කුෂ්බූ ඛාන් සුන්දර් දෙමළ නිළියකි විශේෂයෙන්ම රූපවාහිනී නිළියකි ඈ විනිශ්චයකාරියක් වශයෙන්ද කටයුතු කරයි .
ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් දැන් දැන් මැරිල යළි උපන් වගේ කතා කරති. වැඩිපුරම කියවන්නේ නීතිය සහ ප‍්‍රජතන්ත‍්‍රවාදය ගැනයි. මේක හිනා වෙන්ඩ සුදුසු කාරණයක් වුවත් ජවිපෙ ඉතිහාසය දන්නා කෙනෙකුට ඇතිවන්නේ කෝපයකි.
වැඩි ඈතකට නොගොහින් නවසිය අසු ගණන් කාලය දෙස හැරී බලන්න. එදා ජේවීපී කාරයෝ අරක්කු පෙරු මිනිසුන් අල්ලා බෝඞ් ලෑලි දී ඒවා ඔසවාගෙන පාරේ දණ ගහගන තැබ්බුහ. අරක්කු බී අහුවු පුද්ගලයින් අල්ලා කටවල් කැපූහ.
ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා අතීතය ඒ මොකවත් නොදන්නා ඊයෙ පෙරේදා උපන් දරුවෙක් වගේ පෙනී සිටිමින් කැළණිය ප‍්‍රදේශයේ අරක්කු හා මතට විරුද්ධව කටයුතු කිරීමට ගැන මර්වින් සිල්වා ඇමතිවරයාට විරුද්ධව කථා කරනු ස්වර්ණවාහිණියෙන් දුටිමි. ඇමතිවරු සුරාව නවත්වන්ඩ ඉදිරිපත් වෙනවා නම් සුරාබදු දෙපාර්තුමේන්තුවක් මොකටදැයි ඔහු අසයි. මේක ඔලමොට්ටල කතාවක් පමණක්ම නොවේ. අන්තිම තුප්පහි අදහසකි. රජයේ දෙපාර්තුමේන්තුවලින් නොකෙරෙන වැඩ මොනතරමක් මැති අමතිවරුන් අතින් කෙරෙනවාද? කළ හැකිද?
ටිල්වින් රජය ඇමතිවරු පත්කිරීම දෝෂයට ලක්කරමින් මර්වින් සිල්වා ගේ නම සදහන් කොට පාදඩකරණය යන වචනය භාවිතා කරනු අසා සිටි අපට ටිල්වින් කෙරේ ඇතිවුයේ පුදුම අප‍්‍රියාවකි. මැයි පළමුවෙනිදා ට දවසක් තිබියදී වමේ පක්ෂයක නායකයෙක් (ජවිපෙ ලේකම්) මේ කියන හරුපය කුමක්ද? නිර්ධන පංතියේ මිනිසුන් සදහා ධනපතින් භාවිතා කරන වචනයක තේරුමවත් ජවිපෙ ලේකම් ටිල්වින් නොදන්නා බව එයින් පැහැදිලි වේ.
පාදඩයා යනු නියම නිර්ධන පංතියේ මිනිහා සදහා ධනපතියන් භාවිතා කරන වචනයකි. පාදඩයාට තමාගේ කියා හිසට වහලයක් හෝ නැත. පාචඩ බල්ලා කීවිට ඉන් අදහස් වෙන්නේ නිවසක් නැති මාවතට වැටුණු බල්ලෙකි. ටිල්වින් මාක්ස් කීවේ කුමක්ද ඔබ දන්නවාද? නිර්ධනයනි එක්වව් නුඹලාව නැතිවෙන්ඩ දෙයක් නැත ඔහු කීවේ ය. ඒත් ටිල්වින්ට නැතිවන්ට දෙයක් නැති මිනිහා කවුදැයි නොවැටහේ. ඔහු පාදඩයා බව දැන්වත් දැනගැනීම වටී.
පාදඩකරණය යන වචනය භාවිතා කරමින් මර්වින් සිල්වා ගේ නම ඒ සමග සදහන් කිරීම මර්වින් සිල්වාට කෙරෙන ගෞරවයකි. ඊටත් මැයි පළමුවෙනිදා හෙටයි. මර්වින් සිල්වා පාදඩයෙක් හෝ නිර්ධනයෙක් නොවේ. නමුත් පාදඩයා යනු නිර්ධන භාවයේ ඉහළම අවස්ථාවයි. අඩුම තරමින් කටෙන් පිටකරන වචන ගැනවත් ජේවීපී ලේකම්ට වැටහිමක් නැත්තේ මන්ද?
ඉස්සර ජේවීපී එකේ ලේකම්වරු කවරාදාවත් මෙවැනි අමන කතා කී බවක් අප අසා නැත. අනේ ජේවීපීයට ගිය කළ. නිර්ධන පංතියට අයත් වචනවත් නොදන්නා පුස්සන් පක්ෂයේ මුලූ පුටු වල සිටිති
ප්‍රංශය යනු කොටි මධ්යස්ථානයකි. ප්‍රංශයේ පැරිස් හි ලා චැපල් කොටි තිප්පලකි. සවස් කාලයේ ලා චැපල් පැත්තේ රවුමක් ඇවිදින්නෙකුට මේ යාපනේ වැල්විටිතුරෙයි ද කියා සිතෙයි. එදා ඇල්ටීටීඊ ත්රස්තයන්ට ශ්රී ලංකාවේ රජයේ හමුදාව පහර දෙද්දී ලා චැපල් කොටි ඔවුන්ගේ හපන්කම පෙන්නීමට එහි වු සිංහල මිනිහෙකුගේ කඩයකට පහර දි කඩයේ වැඩ කරමින් සිටි පුද්ගලයාව කපා කොටා දැමුහ. ඒ කොටිම පහුගිය ඉරිදා ලා චැපල් හි දී සිංහල තරුණයෙකුට පහර දුන්හ. උන් කණ්ඩායමක් වශයෙන් එක්ව මාර්ගයේ මිටි සිංහල තරුණයාට පිස්තෝලයක් එල්ලකර අනතුරුව (සිවුදෙනෙක් ) එක්වී පහරදීම කර ඇත. උන් අතරින් එකෙක් ව පොලිසිය අත් අඩංගුවට හසුවිය. පොළිසිය ට අසුවෙද්දි මුත්‍රා පහවුනා යයි කියන උගේ පිස්තෝල කබලත් පොලිසියට අසුවිය.
ලා චැපල් කොටි ටෙලෝ සංවිධානයට සම්බන්ධ දෙමළ ජාතිකයින් කිහිප දෙනෙකුට ද පහර දී ඇත්තේ ඔවුන් සිංහලයන් සමග සම්බන්ධකම් පවත්වන බව කියමිනි. උන් කරුණාගේ හිතවතුන් කිහිප දෙනෙකුටත් පහරදුන් බව දැනගන්ට ඇත. මේ නිසා ඇල්ටීටීඊ ය ත්රස්තයන් හා උන්ට විරුද්ධ පිරිස් අතර පසු ගිය දින දෙකතුන තිස්සේ කෝලහාල කිහිපයක්ම සිදුවුන බව පැරිස් පොලිසිය දනී.
ප්‍රංශයේ විශේෂයෙන්ම පැරිසියේ සිටින සිංහලයන්ට කිව යුත්තේ ලංකාවේ ඇල්ටීටීඊය පරාජය වී කොටි වැටුණු නිසා කොටි නැතිවුනා යයි කීම අනුවණ කතාවකි. ලංකාවේ කොටි පැරදුනාට කොටි ජාත්්යන්තර ජාලය අපුරුවට ක්රියාත්මක වේ. පැරිසියේ කොටි වැඩ කිසිවක් නැවති නැතුව පෙරදා වගේම සිදුවේ. එමනිසා කොටි ඉවරයි කියමින් අනුවණ කතා දෙඩිම නවත්තන්න.
මෙහෙම කියන්නේ ඉහතකී සිංහල තරුණයාට පහරදිමේ සිද්ධිය ඇසු සමහර සිංහලයින් ලංකාවේ කොටි පරාදයිනෙ අපි නිශ්ශබ්දව ඉදිමුයි කී බව ඇසීමෙනි. ප්‍රංශයේ කොටින්ට පක්කිලිකම් කරමින් සිංහල නමටත් නින්දාකරන පුද්ගලයින් ස්වල්ප දෙනෙක් සිටින බව ඇත්තකි. මේ හැර ප්‍රංශයේ සිංහලයන් ඉතා වැඩි පිරිසක් රටට ජාතියට ඇල්මැති හොද සිංහලයෝ වෙති. ඔවුන්ට ආත්ම ගරුත්වය ඇතිව ප්‍රංශයේ ජීවත්විමට හැක්කේ එක්සත්ව අවදියෙන් කටයුතු කිරිමෙන් පමණි. කොටින්ට විරුද්ධව ශ්රී ලංකා රජයේ හමුදාව යුද්ධ කළ කාලයේ මහත් ධෛර්යසම්පන්නව ශ්රී ලංකා රජයට සහය දැක්වු ඔවුන් ඒ කාලයේ පැවති ධෛර්ය හා එකමුතුබව දිගටම ආරක්ෂාකර ගැනීමෙන් පමණක් කොටි ත්රස්තයන්ට මුහුණදීමට හැකියාව ලබාගැනීමට පුඵවන. ඒ මිසක නිවටවීමෙන් හෝ අයින් ගැහීමෙන් සිදුවෙන්නේ කොටියාට බලය දීමක් බව සිතට ගන්න.
පසුගිය ඉරිදා (25) පැරිස් නුවර අපූරු සිදුවු දෙයක් සිදුවිය. නූර්ති හා නාඩගම් සංදර්ශනයක් පැවැත්විනි.
එය නැරඹීමට ප්රෙක්ෂකයින් විශාල පිරිසක් පැමිණ සිටියහ. මෙයින් සමහරු ජිවිතයේ කවර කවදාකවත් නුර්තියක් හෝ නාඩගමක් නරඹා ඇත්තන් නොවුහ. එමනිසා මේ අරුම පුදුම ප්‍රසංගය නැරඹිමට මහත් කුතුහලයෙන් ඔවුන් පැමිණි අතර තවත් සමහරු ආවේ කටඇදකර සිනාසීමේ අදහසිනි. මොන අදහසින් මොන පරමාර්ථයෙන් පැමිණියත් නුර්ති හා නාඩගම් ප්‍රසංගය නැරඹු හැමෝම විශ්මයට පත්වුහ. අපට මේතරම් වටිනා සංස්කෘතික උරුමයන් තියෙනවාදැ යි සමහරුන්ට ඇසුනි.
පැරසියේ පැවැත්වු නුර්ති හා නාඩගම් ප්‍රසංගය සෝමලතා සුභසිංහ ගේ හපන්කමකි. සුසිලා මාන්නප්පෙරුම සහ දීපිකා කොඩිකාර ප්‍රසංගයේ සංවිධායකවරීයන් වුහ.
නූර්ති හා නාඩගම් ප්‍රසංගය පැරසියට අලූත්ම දෙයකි. ශ්රී ලංකාවේ ඉහළම සම්මාන දිනු සරල ගායකයෙක් හෝ පැරිසියට පැමිණ කල්හි චෝකා බයිලා කියවන පැරිස් ලාංකිකයින්ට නව අත්දැකීමකි. නව දැනුමකි. එමනිසාම පැරිසියේ වෙසෙන ලාංකිකයින්ට කලාරසය පමණක් නොව දේශීය නූර්ති හා නාඩගම් පිළිබදව දැනුම සැපයු අවස්ථාවක් වශයෙන් ද මෙම සංදර්ශනය හැදින්වීමට පුලූවන.
සෝමලතා සුභසිංහ මහත්මිය ප්රධාන සුසිලා මාන්නප්පෙරුම සහ දීපිකා කොඩිකාර යන සංවිධායකවරියන් දෙදෙනාටත් සංදර්ශනයට සහභාගිවු ගායක ගායිකාවන් සියඵ දෙනාටත් කටපුරා හදපුරා අපේ ස්තුතිය
ප්රෙක්ෂකයෙක්
විපක්ෂයේ ප්‍රධාන කතාව ෆොන්සේකාටයි
April 30, 2010
මීළඟ පාර්මේන්තු සැසියේදී හදිසි අවස්ථාව සම්බන්ධයෙන් ගෙන එන විවාදයේදී විපක්ෂයේ ප්‍රධාන අදහස් දැක්වීම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකරනු ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හෙරත් මහතා පවසයි. එහිදී මානව හිමිකම් කඩවීම්,තමන්ට සිදුවුණු අසාධාරණකම් මෙන්ම ආණ්ඩුවේ අක්‍රමකතාවන් පිළිබඳවද දීර්ඝ වශයෙන් ෆොන්සේකා විසින් කරුණු දක්වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.
මැයි මස 04-05-06 යන තෙදින තුළ හදිසි අවස්ථාව පිළිබඳ විවාදය සිදු කෙරේ.. ඉදිරියටත් කුසලානය ලකුණෙන් තරඟ කිරීමට ජ.වි.පෙ සූදානම් බවද විජිත හෙරත් මහතා කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරනු ලැබූවද බහුතර ඡන්ද දායක පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටියේ ආණ්ඩුවට දැක්වූ අකමැත්ත නිසා බවද හෙතෙම සඳහන් කළේය.
මේ වසරෙත් අයවැයක් ගෙන එන්නට ආණ්ඩුව විසින් කටයුතු කර නොමැති බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වියදම් පියවා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ ආදායම් වියදම් පිළිබඳ හෝ නිසි අවබෝධයක් ආණ්ඩුවට නොමැති නිසා බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය
මර්වින් වැඩ අරඹයි
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (29) පෙරවරුවේ සිය ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය. එම අවස්ථාවේ දී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ මාධ්‍ය යනු රටක දෙවැනි ආණ්ඩුව බවත් එය පළමු ආණ්ඩුව බවට පත්කරගෙන දේශපාලඥයන් දෙවන ආණ්ඩුව බවට පෙරළා ගැනීම මාධ්‍ය සතු කාර්යයක් බවත්ය. මාධ්‍යවේදීන් වෙනුවෙන් තමා උපරිම වශයෙන් මැදිහත් වන බව ද මර්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් අවාධාරණය කර සිටියේය.
ජවිපෙ මැයි පෙළපාළිය මෙවරත් අහෝසියි
ජනතා විමුක්ති පෙරමුණ වාර්ෂිකව පවත්වනු ලබන මැයි දින සැමරුමට අදාළ ආකර්ෂණීය අංගයක් වන මැයි පෙළපාළිය මෙවරත් නොපැවැත්වෙන බව වාර්තා වේ. 1994 න් පසු සෑම වසරකම පාහේ ජවිපෙ ඉතා උත්කර්ෂවත් අන්දමින් මෙම පෙළපාළිය සංවිධාන කළ අතර පසුගිය කාලයේ ජවිපෙ තුළ ඇති වූ බරපතල පසුබෑම හා විමල් වීරවංශගේ ඉවත්වීම සමග ඔවුන් තම මැයි පෙළපාළි අහෝසි කර තිබේ. ඒ අනුව පසුගිය 2008 සහ 2009 වසර වල මෙම පෙළපාළිය නොපැවැත්වුණු අතර මේ වසරේ ද එය සංවිධාන කර ගැනීමට ඔවුන් අසමත් වී තිබේ.
මේ හේතුවෙන් මැයි රැළිය පමණක් පැවැත්වීමට ජවිපෙ තීරණය කර ඇති අතර අතීතයේ දී ඒ සඳහා භාවිත කළ බී.ආර්.සී. ක‍්‍රීඩාංගණය වෙනුවට ඊට වඩා කුඩා බිමක් වන කැම්බල් පිටිය මෙවර ද ඒ සඳහා තෝරා ගෙන තිබේ.
මෙවර මැතිවරණයේ පසුබෑමත් සමග ඉදිරි කාලයේ වැඩි වශයෙන් පක්‍ෂයේ ප‍්‍රචාරක කටයුතු සිදු කළ යුතු බවත් ඒ නිසාම 2010 මැයි පෙළපාළිය කෙසේ හෝ පැවැත්විය යුතු බවට ජවිපෙ විසින් තීරණයක් ගෙන තිබුණ ද ඒ තීරණය පසුගිය දිනවල හදිසියේ වෙනස් කර ගැනීමට ඔවුන්ට සිදුව තිබුණේ පෙළපාළියේ පිරිස් සහභාගීත්වය පිළිබඳ ගැටලූව සලකා බැලීමේදීය.
ජාත්‍යන්තර කොටි රැළක් නෙදර්ලන්තයේ දී කොටු වෙති
කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ක‍්‍රියාකාරීන් ලෙස ක‍්‍රියා කළ බවට පැවසෙන පුද්ගලයන් 07 දෙනෙකු නෙදර්ලන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එරට අපරාධ පරීක්‍ෂණ කාර්යාලය සඳහන් කළේ පරිගණක ලිපි ලේඛන ඞීවීඞී තැටි ඡයාරූප සහ යුරෝ 40000 කට වැඩි මුදලක් ද ඔවුන් සතුව තිබී සොයා ගත් බවය. මෙම සැකකරුවන් නෙදර්ලන්තයේ ක‍්‍රියාත්මක වන කොටින්ට අයත් රාජ්‍ය නොවන සංවිධාන වල ක‍්‍රියාකාරීන් බව ද අනාවරණ වී තිබේ.
අත කපා බිරිය මැරූ සැමියා වස බී රෝහලේ
තියුණු ආයුධයකින් බිරිඳගේ දකුණු අත සිරුරෙන් වෙන්වන්නට කැපූ සැමියා වස බී දිවිනසා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් වැලිමඩ පොලිස් වසමින් වාර්තාවෙයි. කැපුම් තුවාල සහිතව වැලිමඩ මූලික රෝහලට පසුගිය 16 දා ඇතුළු කළ බිරිය වන 36 හැවිරිදි ආර්. ඇම්. යසවතී නැමැති සිවුදරු මව රෝහලේ දී මියගොස් ඇත. බිරිඳගේ අනියම් සබඳතාවක් ගැන ඇතිවූ සැකය මෙම කනගාටුදායක සිද්ධියට හේතුවී තිබේ. සියදිවි නසා ගැනීමට කෘමිනාශක පානය කළ ඩී. එම්. චන්ද්‍රසේන නමැති සැකකාර සැමියා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඔහු පොලීසියට පාපොච්චාරණයක් ද කර තිබේ. වැලිමඩ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරොන් රත්නායක, උප පොලිස් පරීක්ෂක ඩී. එම්. ධනපාල, පොලිස් කොස්තාපල්වරු වන ඩී. එම්. පාලිත, ඊ. බී. එම්. එදිරිසිංහ, ඩබ්ලිව්. ඒ. දිසානායක වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Dialog යලි විකිණේ
19 April 2010
- Dialogනම Axiataලෙසින් ලංකාවේ විශාලතම ජංගම දුරකථන සේවා සපයන්නා ලෙස සැලකෙන ‘ඩයලොග්’ සමාගම නැවත වතාවක් විකුණා දැමීමට සූදානම් වන බව වාර්තා වේ. ‘ඩයලොග් ජී.එස්.එම්.’ නමින් ලංකාවේ ජංගම දුරකතන සේවා අතරට පැමිණි එය මෙරට ජනප‍්‍රියම සහ විශාලතම ජංගම දුරකථන ජාලය බවට පත්විය. පසුව ලංකාවේ ජංගම දුරකථන සමාගම් අතර ඇති වූ ව්‍යාපාරික තරඟය ඩයලොග් සමාගමට අහිතකර ලෙස බලපෑ නිසා චීන සමාගමක් වෙත එහි අයිතිය විකුණා දමන්නට එවකට පාලනාධිකාරිය හෙබවූ විදෙස් සමාගම කටයුතු කලේය.
මෙවරද යලිත් වතාවක් එම චීන සමාගම විසින් Axiata groupනම් ඩයලොග් සමාගමේ ප‍්‍රධානතම කොටස් හිමිකරුවා වෙත සම්පූර්ණයෙන්ම විකුණා දමන්නට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
‘කැටිලා’ නිසා නැවතුනු ගුවන් ගමන් යළි අරඹන්න කල් ගතවන ලකුණු
යුරෝපයේ රටවල් බොහොමයකට ඉහළින් අයිස්ලන්තයේ කැට්ලා ගිනිකඳු දූලි වලා පැතිර යාමට පටන්ගෙන ඇති අතර මේ නිසා අත්හිටැවූ ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට ටික කලක් ගතවනු ඇතැයි ගුවන් සේවා අධිකාරීහු පවසති.මේ නිසා යුරෝපයේ බොහොමයක් ගුවන්තොටුපොළවලට විවිධ රටවල් කරා යාමට පැමිණි ගුවන් මඟීන්ට ගුවන් ගමන් අත්හිටුවීම නිසා සිය ගමනාගමන අවශ්‍යතා ඉටුකැර ගැනීමට නොහැකිව බලවත් දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවී ඇත.
ගිනිකන්ද ක්‍රියාකාරී වීමෙන් අහසට එක්වූ අළු හා වීදුරු කැබලි වළාකුළු ආකාරයෙන් පැතිරයාම නිසා ගුවන් ගමන් අත්හිටුවීම දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසුව සිදුවූ පුළුල් ආකාරයේ අහස් යානා ගුවන් ගතවීම් අත්හිටුවීමක් ලෙස ඉතිහාසගත වනු ඇතැයි වාර්තා සඳහන් කරයි.
දැනට ඕස්ටේ‍්‍රලියාව, බෙල්ජියම, බ්‍රිතාන්‍ය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංසය, ජර්මනිය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, රුසියාව, හංගේරියාව, යුක්රේනය, අයර්ලන්තය, චෙකොස්ලෝවැකියාව, ඕස්ට්‍රියාව ඇතුළු තවත් රටවල් ගණනක් ගුවන් ගමන් තහනම් කැර ඇත.
කැටිලා ගිනිකන්දෙන් නිකුත් වූ අළු පහත වායු ගෝලයට එක්වුවහොත් එම සියුම් වායු දූලි ආඝ්‍රාණය කිරීමෙන් පෙනහලු ආබාධ හා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙතියි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
මෙසේ ගුවන් කලාප තහනම් කිරීම නිසා ගුවන් අනතුරකින් මියගිය පෝලන්ත ජනාධිපති ලෙච් කක්සින්ස්කිගේ අවමඟුලට සහභාගිවීමට පැමිණීමට නියමිත ලෝක නායකයනට බාධා පැමිණ ඇත.
යුරෝපයට තැපැල් එපා-තැපැල්පති ඉල්ලයි
April 19, 2010
නැවත දැනුම් දෙන තුරු යුරෝපය ආශ්‍රිත රටවල් සඳහා ගුවන් තැපැල් භාණ්ඩ එවීමෙන් වළකින ලෙස තැපැල්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව ගුවන් මගින් ප්‍රවාහනය කෙරෙන ලිපි, පාර්සල් ඇතුළු සියලු ගුවන් තැපැල් භාණ්ඩ එවීමෙන් වළකින ලෙස තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා මහජනතාවට දැනුම් දෙයි. ඒ අනුව ඔස්‍ට්‍රියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤ, ස්වීඩනය, රුසියාව සහ ස්විට්සර්ලන්තය යන රටවලට අදාළව මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත..
යුරෝපා ගුවන් ගමන් ඇනහිටීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව තැපැල්පතිවරයා පවසයි. එසේම මේ වන විට ගුවන් ගමන් සඳහා යුරෝපා කලාපය වසා දැමීමට එම රජයන් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ලෝක ගුවන් සේවා සංවිධානය විරෝධය පළ කර තිබේ.
එම සංවිධානයේ ප්‍රධානී ජියෝවානි බිසිග්නානි ප්‍රකාශ කරන්නේ එම තීරණය හේතුවෙන් ලොව පුරා කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි. දෛනික ගුවන් ගමන් වාරවලින් සියයට 30 ක් පමණක් දැනට ක්‍රියාත්මක බව යුරෝපා ගුවන් සේවා පාලන අධිකාරිය පවසයි.
දුෂ්කරතාවයට පත්ව සිටින මගීන් වෙනුවෙන් මේ වන විට බ්‍රිතාන්‍ය රාජකීය නාවික යාත්‍රා 3 ක් ක්‍රියාත්මක බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි. එංගලන්තය සහ පැරීසිය අතර ගමනාගමනය වෙනුවෙන් ප්‍රංශ දුම්රිය සමාගම අතිරේක දුම්රිය වාර සහ දුම්රිය ආසන වැඩි සංඛ්‍යාවක් ලබාදීමට ද ක්‍රියාකර ඇති බව වාර්තා වේ.
ඊට අමතරව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු පහත හෙළීමට ද එම සමාගම පියවර ගෙන ඇත්තේ අපහසුතාවයට පත් මගී ජනතාව වෙනුවෙනි.
ජාතික ලයිස්තුවට ‘ලාල් - අනුර’ එළිපිට ගැටේ 18.04.2010
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට මෙවර මහ මැතිවරණයෙන් හිමිවූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර දෙකෙහි ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා ලෙස තමා පත් කරන ලෙස අනුරාධපුර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේ.ඩී. ලාල් කාන්ත මහතා ඉල්ලා සිටින බව ජවිපෙ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු මේ ඉල්ලීම පක්‍ෂ නායක සෝමවංශ අමරසිංහ, ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන් වෙතද දන්වා ඇති බව පැවසේ.
ලාල් කාන්ත මහතා පවසා ඇත්තේ තම පක්‍ෂයට හිමිව ඇත්තේ පාර්ලිමේන්තු ආසන 4 ක් බැවින් එවැනි සුළු මන්ත‍්‍රී කණ්ඩායමකට නායකත්වය දීමට පමණක් විශේෂ අයෙකු ජාතික ලයිස්තුවෙන් පත්කිරීම මේ මොහොතේ පක්‍ෂය පත්ව ඇති තත්වයට වඩාත්ම සාධාරණ තෝරා ගැනීම නොවන බවය. එසේම ජවිපෙ සළකුණ සහිත රට දන්නා එකම කම්කරු නායකයා වන තමන්ව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීම පක්‍ෂයට වඩාත් වාසිදායක විය හැකි බවද, අනුර කුමාර දිසානායක පක්‍ෂයේ අනෙකුත් අප‍්‍රකට නායකන් මෙන් පක්‍ෂ කේඩරය ශක්තිමත් කිරීමේ ක‍්‍රියාවලියකට යොදවාගැනීම වඩාත් සුදුසු බව ඔහු වැඩි දුරටත් පෙන්වා දී ඇත.
අදාල යෝජනාව අනුර කුමාර දිසානායක විසින් දැනගත් පළමු මොහොතේම ‘මූ ආණ්ඩුවත් එක්ක හොරෙන් ඩීල් කරන එකෙක්. ද්‍රෝහීන්ට තොරතුරු දෙන එකෙක්. මූ පැරදුන එකමයි හොඳ. මුන්ට වඩා ටිරාන්ව විස්වාශ කරන්න පුළුවන්’ යනුවෙන් පක්‍ෂ මූලස්ථානයේදී ප‍්‍රසිද්ධියේම ලාල් කාන්තට බැණ වැදී ඇත. පසුව නායකත්වයට අනුර දිසානායක දන්වා යවා ඇත්තේ කිසිම හේතුවක් නිසා ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය කිසිම අයෙකුට ලබා නොදෙන බවයි.
ගුවන් ගමන් පිළිබද තොරතුරු වීමසීමට අංකයක්
අයිස්ලන්ත ගිනිකදු වළාව හේතුවෙන් අද දිනයේ ද කොළඹ සිට යුරෝපය බලා පියාසර කිරිමට නියමිත ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවා තිබේ.
ඒ අනුව අද අලුයම 2 ට ලන්ඩන් බලා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් ගමනක් සහ අද පස්වරු 1.15 ට ලන්ඩන් බලා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් ගමනක් අවලංගු කළ බව ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සේවා කළමනාකාරිණී රොෂාණි මාසකෝරාල මහත්මිය පැවසුවාය.ඊට අමතරව ෆ්රැන්ක්ෆර්ට් දක්වා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් ගමන රෝමය දක්වා සීමා කිරිමට සැලසුම් කර ඇති බව ඇය සදහන් කළාය.අයිස්ලන්ත ගිනි කදු වළාව හේතුවෙන් ඊයේ දිනයේද ගුවන් ගමන් වාර තුනක් අවලංගු කර තිබේ.රොෂාණී මාසකෝරාල මහත්මිය සදහන් කළේ පවතින තත්ත්වය හමුවේ, ගුවන් ගමන් පිළිබද මගීන්ට තොරතුරු දැන ගැනීම සදහා විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇති බවය.019-7335500 යන දුරකථන අංකය ඔස්සේ ගුවන් මගීන්ට එම මධ්‍යස්ථානයෙන් තොරතුරු විමසිය හැකි වේ.අයිස්ලන්තයේ ගිනි කන්දක් විධාරණය හේතුවෙන් නැගෙන දුම්වළාව හේතුවෙන් මේ වනවිට රටවල් රැසක් සිය ගුවන් ගමන් අත්හිටුවා තිබේ.ඩෙන්මාර්කය, බෙල්ජියම, නෙදර්ලන්තය, ෆින්ලන්තය, ඔස්ට්‍රියාව සහ චෙක් ජනරජය සිය ගුවන් අවකාශය මුළුමනින්ම වසා දමා අවසන්ය.ඊට අමතරව බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය සහ පෝලන්තය යන රටවල් සිය ගුවන් අවකාශයෙන් කොටසක් වසා දමා තිබේ.යුරෝපීය ගුවන් ගමන් බලධාරින් පැවසුවේ, කලාපය හරහා කෙරෙන ගුවන් ගමන් 17,000 ක් පමණ අවලංගු කර ඇති බවය.අදාළ තත්ත්වය මත මගීන් රැසකට ගුවන් තොටුපළවල සිර වී සිටිමට සිදුව තිබේ.
2010 මැතිවරණයේදී රජය ජයග්‍රහණය කිරීම නිසා විදේස් කොටි ජාලය කම්පාවට පත්වේ
18.04.2010
මෙවර 2010 මහ මැතිවරණයද ලංකා රජය අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීම පිළිබදව කොටි ජාත්‍යන්තර ජාලය දැඩි ලෙස කම්පාවට සහ පසුතැවීමට ලක්ව ඇතැයි විදෙස් රටවලින් වාර්තා වේ.
ද්‍රවිඩ නිජබිම ගැන ඕස්ට්‍රේලියාවේ ජනමත විමසුමක්
April 18, 2010
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ද්‍රවිඩ පුද්ගලයින් පිරිසක් එක්ව ශ්‍රී ලංකාවේ ස්වාධීන ද්‍රවිඩ නිජබිමක් බිහිකිරීම සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවැත්වීමට සූදානම් වේ. එම ජනමත විමසුම මෙම සති අන්තයේ පැවැත්වීමට සූදානම් කර ඇත.
මෙම ජනමත විමසුම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ නිජබිමක් පිහිටුවීම සම්බන්ධයෙන් මීට පෙර කැනඩාව, එංගලන්තය හා යුරෝපය වැනි රටවල පැවති ජනමත විචාරයන්ට සමාන බවත්, මේ වනවිටත් ඒ සඳහා 10, 000 ක පමණ ද්‍රවිඩ ජන පිරිසක් ලියාපදිංචි වී සිටින බවත් ජනමත විමසුම සංවිධානය කරන ඕස්ට්‍රේලියාවේ ද්‍රවිඩ කොංග්‍රසය පෙන්වාදෙයි. වික්ටෝරියා, නිව් සව්ත් වේල්ස් වැනි ප්‍රදේශ වල ජනමත විමසුම පැවැත්වීම සඳහා මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව ද්‍රවිඩ කොංග්‍රසයේ මාධ්‍ය ප්‍රකාශක බොබී සුන්දරලිංගම් මහතා පවසයි.
මෙම ජනමත විමසුම ද්‍රවිඩ නිජබිම සංකල්පය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට බලපෑමක් කරනු ඇති බවට සංවිධායකයින් විශ්වාසය පළ කරයි. නමුත් මෙම ජනමත විමසුම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන සියළුම ද්‍රවිඩ සංවිධාන වල සහයෝගය පළ වී නොමැත.
කැස්ස, හෙම්බිරිස්සාව මදිවාට බ්‍රොනකයිටීස්...?
සරත් ෆොන්සේකා මහතාට බ්‍රොනකයිටීස් රෝගය වැළඳී ඇති බව පසුගිය දිනවල ඔහු පරීක්‍ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. ෆොන්සේකා මහතාට අසනීපයක් නැති බව රජයේ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කොතෙක් පැවසුව ද විශේෂඥ වෛද්‍යවරයා ෆොන්සේකා මහතාට අලූතින් බෙහෙත් වර්ග 06 ක් සහ එක්ස් - රේ පිටපතක් ලබා ගැනීමට නිර්දේශ කොට ඇත්තේ ඔහු අසනීපයෙන් පසුවන නිසා බව ඒ මහත්මිය පෙන්වා දෙයි.
අද (16) ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී මේ අදහස් පළ කළ ෆොන්සේකා මහත්මිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මැතිවරණ කාලය තුළ ජනරාල්ගේ අසනීපය ගැන කතා කළ ද තමන් මැතිවරණයෙන් පසු නිහඬ වී ඇති බවට ඇතමුන් චෝදනා කරන බවය. එසේ වුවද ජනරාල්ගේ සෞඛ්‍ය තත්වය තවමත් අයහපත් බව ද ප‍්‍රමාණවත් වාතාශයක් නොලැබීම ඊට හේතු වී ඇති බව ද ඇය මෙහිදී සඳහන් කළ අතර මේ මාධ්‍ය හමුවට ජයන්ත කැටගොඩ අනුර දිසානායක හා සරත් මනමේන්ද්‍ර යන මහත්වරුන් ද සහභාගි වූහ
මවක් දරුවා මරා වළ දමයි
ඉපදුණු මොහොතේම සිය බිලිඳු දරුවා මරා වළ දැමීම සම්බන්ධයෙන් එම බිලිඳාගේ මව මාතලේ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
විදේශගතව සිට මෑතකදී මෙරටට පැමිණි සැකකාර කාන්තාව දරු ප්‍රසූත කිරීමෙන් අනතුරුව මෙලෙස ඝාතනය කැර වළ දමා ඇති බවට පොලිසිය සැක කරයි. වරකාමුර උකුවෙල වත්ත ප්‍රදේශයේ කාන්තාවක මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් මත මරා වළ දමා තිබූ බිලිඳු මළසිරුර අධිකරණ නියෝග මත (12) ගොඩ ගැනීමට නියමිතව තිබිණි.
මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් අබේසිරිවර්ධන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
මේ හැමෝම පරාදයි
මෙවර මැතිවරණයේදී හිටපු ප‍්‍රබල මන්ත‍්‍රීවරු හා ජනප‍්‍රිය චරිත කිහිපයටම ප‍්‍රමාණවත් මනාප නොලැබීම නිසා මන්ත‍්‍රීධූර ලබාගැනීමට නොහැකිවී ඇත.ඒ අය අතර රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ, මනෝ විජේරත්න, සුදර්මන් රදලියගොඩ, සුසිල් කිඳෙල්පිටිය, කෑගල්ල ජානිපෙ අපේක්‍ෂක බුද්ධදාස විතානාච්ච්, කළුතර නන්දන ගුණතිලක, මහනුවර දිස්ත‍්‍රික්කයට එජාපෙන් තරඟ කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, නුවර එළියේ එජාප අපේක්‍ෂිකා රේණුකා හේරත්, එජනිස ගාල්ල අපේක්‍ෂිකා සිනමා නිළි ගීතා කුමාරසිංහ, බද්දේගම සමිත හිමි, එජාප ගාල්ල අපේක්‍ෂක වජිර අබේවර්ධන මාතරින් සාගල රත්නායක, එජනිස කෑගල්ල අපේක්‍ෂිකා සුසන්තිකා ජයසිංහ, එජාප බදුල්ල අපේක්‍ෂක රවීන්ද්‍ර සමරවීර ආදීහුද ජවිපෙ අනුරාධපුර අපේක්‍ෂක කේඞී ලාල් කාන්තද, ජවිපෙ කුරුණෑගල අපේක්‍ෂක බිමල් රත්නායකද වෙති.
මර්වින් සිල්වාගේ මව මියයයි
April 2, 201009
කම්කරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ මෑණියන් වන කුසුමාවතී මුතුකුමාරණ මහත්මිය ඊයේ රාත්‍රියේ අභාවප්ප්‍රාප්ත වී තිබේ. එම මහත්මිය අසනීප තත්වයෙන් දින කිහිපයක් පමණ රෝහල්ගතව සිට ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම් කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත්චන්ද්‍ර ඩයස් මහතා සඳහන් කළේය.
‘සිරසේ’ සුසිල් අත්අඩංගුවට
Friday, 02 April 2010
සිරස ටී.වී. ආයතනයේ හිටපු ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ සහ එක්සත් ජාතික පෙරමුණ යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන සුසිල් කිඳෙල්පිටිය මහතා අද (02) පෙ.ව. 9.00 ට පමණ වැලිකඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවය.
කිඳෙල්පිටිය මහතා පැමිණිලිකාර කාන්තාව සමග වසර දෙකක පමණ කාලයක් අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහු තවත් කාන්තාවන් විසි දෙනෙකු පමණ අනියම් ලෙස ඇසුරු කර ඇති බවත් අදාළ පැමිණිල්ලේ සඳහන් වේ. එමෙන්ම මෙම පැමිණිලිකාරියට ඇසිඞ් ප‍්‍රහාර එල්ල කොට ඇය මරා දමන බවට කිඳෙල්පිටිය මහතා විසින් තර්ජනය කොට ඇති බවත් ඔහු සතුව අවි ආයුධ තිබෙන බවත් මෙම කාන්තාව සිය පැමිණිල්ලෙන් ප‍්‍රකාශ කර ඇතැයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි. ඒ අනුව මිරිහාන පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇති අතර සුසිල් කිඳෙල්පිටිය මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවය.
අද දින ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු වාහනයකින් ගමන් කරමින් සිටිය දී වන අතර ඔහු සමග අවිවාහක තරුණියක, නාවික හමුදාවෙන් පළා ගිය බවට පැවසෙන පුද්ගලයෙකු, රියදුරු සහ මිලිමීටර් 7.62 වර්ගයේ පිස්තොලයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සියලූ දෙනා මිරිහාන පොලීසියේ මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති හා නුගේගොඩ පොලිස් අධිකාරීවරයාගේ අධීක්‍ෂණය යටතේ මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් ක‍්‍රියාත්මක කෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියි.
‘‘සැමියා මෙතෙක් විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වා නෑ’’
තම සැමියාගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කර බැලීම සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකු මෙතෙක් කැඳවා නැතැයි සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කරයි. ෆොන්සේකා මහතා විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසට අධිකරණය පවා නියෝග කර තිබිය දී කුමන හෝ බලපෑමක් මත එය නතර කර තිබෙන බවට චෝදනා කළ ඇය කියා සිටියේ තම සැමියාගේ සෞඛ්‍ය තත්වය මේ වන විට අසාධ්‍ය තත්වයේ පවතින බවය. අනෝමා ෆොන්සේකා මහත්මිය මේ අදහස් පළ කළේ සිය නවසේ (31) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය පෙන්වා දුන්නේ තම සැමියා වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇති බවට හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සහ රජයේ මාධ්‍ය කරන ප‍්‍රකාශ තමන් විසින් ප‍්‍රතික්ෂේප කරන බවය. සරත් ෆොන්සේකා මහතා රඳවා සිටින කාමරයට පිරිසිදු වාතාශ‍්‍රය හෝ නොලැබෙන බව පෙන්වා දුන් ෆොන්සේකා මහත්මිය සඳහන් කළේ ඔහු රඳවා සිටින ස්ථානයට යාමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබා දිය යුතු බවය.
ප්‍රංශ ප්‍රාදේශීය මැතිවරණයෙන් ජනපති පිල පරදී
April 1, 201008:01 am

ප්‍රංශයේ පැවති ප්‍රාදේශීය මැතිවරණයකින් ජනාධිපති නිකොලොස් සර්කෝසිගේ දේශපාලන පක්ෂය පරාජයට පත්ව තිබේ.
දැනට ගණන් කර ඇති 97% ක ඡන්ද ප්‍රමාණයෙන් එරට විපක්ෂ සන්ධානය 52%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බව වාර්තා සඳහන් කළේය. සර්කෝසිගේ මධ්‍යම දක්ෂිණාංශික යු. එම්. පී. පක්ෂයට ලැබී ඇත්තේ 35%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. අග්‍රාමාත්‍ය ෆ්‍රරන්කොයිස් ෆිලන් මෙම පරාජය හේතුවෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂා කරන බව ද සඳහන්ය. ඒ අනුව අද දිනයේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රංශ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය. මැතිවරණයේදී ලැබු පරාජය සම්බන්ධයෙන් තමා වගකීම භාර ගන්නා බව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. 2012 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර එරට පැවති අවසන් ප්‍රාදේශීය මැතිවරණය මෙය වේ.
› ,xld ckdêm;s fjoeÿrdf.ka m%;sldr .kak fnlïg weßhqula
mdofha wels,sia lKavrdj bÍ hdu ksid fï jif¾ ol=Kq wms%ldfõ§ meje;afjk f,dal l=i,dk ;r.dj,shg lS%vd lsÍfï ish¨ n,dfmdfrd;aa;= iqkaù isák tx.,ka; msf,a ysgmq kdhl fâúâ fnlïg › ,xld ckdêm;sjrhdf.a fm!oa.,lsl fjoeÿrd jk B,shka; jhsÜ uy;df.ka m%;sldr ,nd.kakhs weßhqï lr we;s nj m%xY mqj;a fiajh lshhs' ;udf.ka m%;sldr ,o fyd;a fnlïg Èk 3 l§ kej;;a mdmkaÿ lS%vd l< yels hhs ffjoH jhsÜ uy;d m%ldY lrk njo mejfia'
දනුන ගැන ලාල් දන්නවාද?
හයිකෝප් අවි ගනුදෙනුවේ ප‍්‍රධාන සැකකරුවෙකු ලෙස දැනට කාලයක සිට පොලීසියට කට්ටි පනිමින් සිටින ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න මහතා නිසි අවස්ථාවේදී නීත්‍යානුකූලව අධිකරණය හමුවට ඉදිරිපත් වන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලාල්කාන්ත මහතා පවසයි මේ ඉරිදා (28) රිවිර පුවත්පත සමඟ සංවාදයකට එක්වෙමින් මේ අදහස් පළ කර ඇති ලාල්කාන්ත මහතා පෙන්වා දෙන්නේ මේ වන විට ආණ්ඩුවේ ප‍්‍රජාතාන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාපිළිවෙත හා ආණ්ඩුවේ නීතිය ගැන විශ්වාසයක් නොමැති හෙයින් ධනුන තිලකරත්න පොලීසිය මගහැර සැගවී සිටින බවය එසේ වුවද තමන් සරත් ෆොන්සේකා සමග මිස ධනුන සමග දේශපාලනය නොකල නිසා ඔහු සැගවී සිටින ස්ථානය ගැන කිසිවක් නොදන්නා බවත් ඉදිරි කාලයේදී අධිකරණයට ඉදිරිපත් විය හැකි තත්ත්වයක් රටේ ඇති වූ පසු ධනුන තිලකරත්න නීතිය හමුවට එන බවද ලාල්කාන්ත මහතා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
ජවිපෙ ප්‍රධානතම සතුරා මමයි- ලක්ෂ්මන්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානතම සතුරා බවට තමන් පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණින් තරග කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රබල මතවාදයක් ගෙනයාම ඊට හේතුව බව ඒ මහතා පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගතවී තරග කළේ නම් එක්සත් ජාතික පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසනවලින් 30 කට වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුවන බව ඒ මහතා අවධාරණය කරයි. හාලිඇල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මේ අදහස් පළ කළේය.
‘‘අපි අමාරුවේ වැටුනා’’
Saturday, 27 March 2010

- අනෝමා ෆොන්සේකාහඩා වැළපෙයි...
ජනාධිපති වරණයට ඉදිරිපත් වීමෙන් අනවශ්‍ය කරදරයක පැටලූන තම සැමියා මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ඊටත් වඩා අර්බුදයකට මුහුණ පා ඇති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. ඇය පසුගිය දා මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ තම සහෝදරියක හමුවූ අවස්ථාවකදිය.ජනාධිපතිවරණයෙන් පසු කරදරයකින් තොරව රටින් පිටව යාමට අවසර දෙන මෙන් තමා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියද ජවිපෙ එජාප පිරිස් ඡුන්දයෙන් පසුව පවා ෆොන්සේකාට නිදහසේ ඉන්නට ඉඩ නොදුන් බව ද අවසානයේ දී අද එජාපය මුලූමනින්ම ෆොන්සේකා අමතක කර ඇති බවද මෙහිදී අනෝමා මහත්මිය හැඩු කදුලෙන් යුතුව ප‍්‍රකාශ කර තිබේ.
ෆොන්සේකා මහතාගේ සිරගත වීම තමන් කෙසේවත් අපේක්ෂා නොකළ බවත් දැන් තමාගේ එකම අරමුණ ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම මිස අන් කිසිවක් නොවන බවත් මෙහිදී ඇය පවසා තිබේ. ෆොන්සේකා එජාපයේ අලියා ලකුනින් තරග නොකිරීම ගැන තමා කනගාටු වන බවද එහෙත් දැන් වෙනත් විසදුමක් නොමැති හෙයින් කුෂලානයේ මැතිවරන කටයුතු සදහා උපරිම සහය දෙමින් තම සැමියා දිනවීමට කටයුතු කරන බවද ඇය මෙහිදී පෙන්වා දී තිබේ.
දැනට තැපැල් ඡන්ද 75%ක් භාවිත කරලා
26.03.2010
තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන දෙවන දිනය වන අද(26දා) මේ වන විට තැපැල් ඡන්දවලින් සියයට75%කට ආසන්න ප්‍රමාණ්යක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බැව් මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
වජිර-ගීතා-ගයන්ත එකම දවසේ පොළේ යති
වජිර, ගීතා, හා ගයන්ත ඔවුනොවුනට හොරා තවලම පොළේ යති. හිනිදුම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ ගාල්ල දිසා සන්ධාන අපේක්‍ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය ආධාරකරුවන් පිරිසක් සමගින් සිය අත් පත්‍රිකා බෙදමින් තවලම පොළට ගොඩ වී තිබේ.
එම අවස්ථාවේ දීම එජාප අපේක්‍ෂක වජිර අබේවර්ධන මහතාත් ඔහුගේ අත්පත්‍රිකා බෙදමින්ආධාරකරුවන් පිරිසක් සමඟ තවලම පොළේ සැරිසරා ඇත. මේ අතර ආධාරකරුවන් පිරිසක් පිරිවරාගෙන අත්පත්‍රිකා බෙදමින් තවත් දොරටුවකින් එජාප අපේක්‍ෂක ගයන්ත කරුණාතිලක මහතාත් තවලම පොළට ඇතුළු වී තිබේ. අවසානයේ තිදෙනාම පොළ මධ්‍යයේ දී ආධාරකරුවන් සමඟ මුහුණට මුහුණ හමුවී ඇත. ආධාරකරුවන් අතර ගැටුමක් ඇති වෙතැයි ජනතාව බිය වුවද “හා සීයේ කොහොම දැයි ගීතා සිනාසෙමින් ප්‍රශ්න කරද්දී හොඳින් ඉන්නවා ආච්චියේ යැයි වජිර සිනාමුසුව ප්‍රකාශ කිරීමෙන් පසු ජනතාව අත්පොළසන් දෙමින් දෙපක්‍ෂයේ අපේක්‍ෂකයන්ට සහාය දක්වා ඇත.
ෆොන්සේකාගේ පෙත්සම් විභාගය 30 වැනිදා ට
සරත් ෆොන්සේකා මහතා යුධ අධිකරණයට ඉදිරිපත් කිරීම වලක්වන ලෙසත් ඔහු හමුදා භාරයෙන් උසාවියට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකල හබයාස් කොපුස් පෙත්සම් 2 ඊයේ(25) සලකා බැලූ අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල එය යළි විභාග කිරීම ලබන 30 වැනිදා ට කල් තබා තිබේ. මෙහිදී මෙම රීට් පෙත්සම් 2 එහි වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කිරීමක් හෝ සිදු නොකර ඉවත දමන ලෙස නීතිපති මොහාන් පීරිස් මහතා විසින් විරෝධයක් මතු කළ අතර ඔහු පෙන්වා දුන්නේ ෆොන්සේකා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු සහ මෙම පෙත්සම් වල ඉල්ලීම් එක සමාන බවය. එම අයිතිවාසිකම් පෙත්සම විභාග වෙමින් පවතින බැවින් අභියාචනාධිකරණය හරහා ඊට යළි මැදිහත් නොවිය යුතු බව නීතිපතිවරයා පෙන්වා දුන් අතර දෙපාර්ශවයේම නීතිවේදීන් මේ සම්බන්ධව දීර්ඝව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් වැඩිදුර විභාගය ලබන 30 වැනිදා ට කල් තබන ලදී.
භික්ෂු විරෝධතාවයෙන් කොල්ලුපිටිය නොසන්සුන්
March 26, 2010
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් කොල්ලුපිටිය මංසන්ධියේදී නතර කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ.
ඉල්ලීම් 8 ක් මුල්කරගත් සංදේශයක් ජනාධිපතිවරයාට ලබා දීමට මේ අයුරින් විරෝධතා පා ගමනින් අරලියගහ මන්දිරය බලා ගමන් ආරම්භ කළ බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය සඳහන් කරයි..
අධිආරක්ෂිත කලාපයක් බැවින් විශාල පිරිසකට ඒ අයුරින් අරලිය ගහ මන්දිරය බලා යාමට ඉඩදිය නොහැකි බවත්,කිහිපදෙනෙකුට පමණක් ඒ සඳහා අවස්ථාව ලබාදීමට හැකි බවත් පොලීසිය දැනුම් දී ඇත..
මෙහිදී හත්අට සියයක පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා සංග්‍රහ පැවැත්වීමට හැකිනම් එකසිය පනහක් වන් සුළු පිරිසකට ඒ සඳහා අවස්ථාව ලබාදිය නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කරමින් මාර්ගය අවහිර වන සේ කොල්ලුපිටය මංසන්ධියේ තවදුරටත් රැඳී සිටීමට භික්ෂු බල මණ්ඩලය තීරණය කර ඇතැයි කියැවේ. .
අද පස්වරුවේ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මෙම පාගමන ආරම්භ වී තිබේ.
අපි දැන් ඇමරිකාව එක්ක යාළුයි
ඇමරිකාව සම්බන්ධයෙන් ඇති කරගත් සතුරු ආකල්ප නැති කර ගන්නට සූදානම් බව ඇමරිකානු තානාපතිනියට දැනුම් දුන් බව ජ.වි.පෙ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.
දැන් රටේ යුද්ධයක් නොමැති බැවින් සාමකාමීව කටයුතු කළ හැකි වාතාවරණයක් බිහිවී ඇතැයි පැලවත්තේ පිහිටි තම පක්ෂ කාර්යාලයට ඇමරිකන් තානාපතිනය පැමිණි අවස්ථාවේදී කියා සිටි බව අමරසිංහ මහතා කියා සිටියේය.
එසේ වුවද යළි රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගසන තත්ත්වයක් නිර්මාණය වුවහොත් යළිත් ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන්නට සූදානම් බවද තානාපතිවරියට දැනුම් දුන් බව ඔහු පැවසීය.
තුනෙන් දෙකක බලයක් නොව එක් වැඩි ආසනයක් ලබා දෙන්නේ නම් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කර රටට ප්‍රජාතන්ත්‍රවාදය උදා කිරීමට පියවර ගන්නා බවත්,මෙරට වෙනසක් ඇති කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් අත්‍යාවශ්‍ය නොවන බවත් මතුගම ප්‍රදේශයේ පැවති ජනරැළියක් අමතමින් සෝමවංශ අමරසිංහ මහතා සඳහන් කරන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ දේශප්‍රේමීත්වය ඇති ජාත්‍යන්තරවාදීන් වර්තමානයේ රටට අවශ්‍ය වී ඇති බවයි.
මීට පෙර රටට විරුද්ධව කටයුතු කළ ඇතැම් විදෙස් රටවල් සමඟ වුවද පිළිගත හැකි කරුණු සම්බන්ධයෙන් සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව ද සෝමවංශ අමරසිංහ මහතා සඳහන් කළේය.
කුසලානයට ජන්දය දී ෆොන්සේකා නිදහස් කරන්න බෑ (23.03.2010)
කුසලානයට ජන්දය දීමෙන් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගත නොහැකි බව එක්සත් ජාතික පෙරමුණු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. මේ රටේ රජයක් පිහිටුවීමේ හැකියාව පවතින්නේ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් බවත්, නමුත් නිදහස් පක්ෂ රජයක් යටතේ කිසිදු අවස්ථාවක සරත් ෆොන්සේකා මහතා නිදහස් නොකරන බවත්, ඔහු නිදහස් කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ රජය පමණක් බවත් අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සරත් ෆොන්සේකා මහතාට මුදල් ලැබීම සහ හිටපු හමුදා නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදාගත්තේද යන කරුණු පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න කළ බව ද ඒ මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ට ශ්‍රීලංකාවට ඒම සඳහා රජය විසින් වීසා නිකුත් නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ශ්‍රීලංකාවට ගෙන්වා පැවැත්වීමට නියමිත ප්‍රසංගය නොපැවැත්විය යුතු බව ජාතික සංඝ සම්මේලනය අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබිණි. මෙම ගායන ශිල්පියාගේ ගීත ඇල්බම් වල අතිශය කාමුක දර්ශන නිරූපනය වන බවත්,ඔහුට ළමා අපයෝජන සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති බවත්,ඔහුගේ ඇතැම් ගීතයක බුදු දහමට නිගා දෙන අයුරින් බුදු පිළිමයක් අබියස ආලිංගනයේ යෙදෙන දර්ශන පවා ඇතුළත් බවත් ජාතික සංඝ සම්මේලනයේ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කළ විමසීමකදී කියා සිටියේය.
මාධ්‍යවේදී රුවන් අමරජිත් රඳවා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
(නෙල්කා මැදගෙදර) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී රුවන් අමරජිත් වීරකෝන් මහතා රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. නීතිඥ ලිලන්ති ද සිල්වා මෙනෙවිය මේ පෙත්සම ගොනු කළාය. ත්‍රස්ත විමර්ශන ඒකකය සහ එහි ප්‍රධානීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ එහි ප්‍රධානීන්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටිති. පෙත්සමෙහි සඳහන් පරිදි රැඳවුම් භාරයෙහි රඳවා සිටින රුවන් වීරකෝන් ඒෂියන් ට්‍රිබියුන්, ඇසෝසියේටඩ් පේ‍්‍රස්, බොටම් ලයින් හී මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර තිබේ. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. “රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීම” සම්බන්ධයෙන් චෝදනා කර ඇත. ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ සාකච්ඡා කිරීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න හට දුරකථන පහසුකම් සැපයූ බවට පිළිගන්නා ලෙස තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි නිලධාරින් බල කළ බව පෙත්සම්කරු කියයි. එය ප්‍රතික්ෂේප කිරීම නිසා තමා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත රඳවා සිටින බව පෙත්සම්කරු සඳහන් කරයි. එමගින් සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙසද, තමා වහාම නිදහස් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.
දනුනගේ මුදල් ගැන අනුරගෙන් ප‍්‍රකාශයක්
පසුගිය දා දනුන තිලකරත්නගේ මවට අයත් පෞද්ගලික බැංකු ගිණුම් වල තිබී හමුවූ මුදල් ලැබුණු ආකාරය හා ඒවා කාගේ දැයි අද රහස් පොලීසිය විසින් අනුර කුමාර දිසානායක මහතාගෙන් ප‍්‍රශ්න කොට තිබේ. අද (23) පෙරවරුවේ අනුර දිසානායක මහතාට කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේ මේ මුදල් සම්බන්ධව ප‍්‍රශ්න කොට ඇති අතර ජවිපෙ පසුගිය දිනවල ප‍්‍රකාශ කළේ එම මුදල් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ලැබුණු මුදල් බවය.
මැතිවරණය සඳහා ලැබුණු මුදල් දනුනගේ මවගේ ගිණුම්වල තැන්පත් කරන්නේ කුමට ද යන ගැටලූව මේ සමග බොහෝ දෙනාට මතුවූ අතර අද ඒ පිළිබඳ ඍජු පිළිතුරක් නොදුන් අනුර එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ ඒ මුදල් සම්බන්ධව අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගෙන තිබිය දී තමාගෙන් ඒ ගැන ප‍්‍රශ්න කිරීම අසාධාරණ බවය. එසේ වුවද එම මුදල් මැතිවරණ ව්‍යාපාරය සඳහා ලැබුණු ඒවා බවට ජවිපෙ පසුගිය දා කළ ප‍්‍රකාශය මත මෙම ප‍්‍රශ්න කිරීම සිදුකර ඇති අතර ජවිපෙ පවසන විට තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බව පසුගිය දිනවල එජාපය විසින් ප‍්‍රකාශ කර තිබීම ද විශේෂත්වයකි.
සිරසට ගල් ගසයි
සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කොළඹ 02 කොම්පඤ්ඤවීදියේ බ්‍රේබෲක් පෙදෙසෙහි පිහිටි එම්ටීවී සහ එම්බීසී ආයතනවල ප‍්‍රධාන කාර්යාලයට අද (22) පස්වරුවේ ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ. වාර්තා වන අන්දමට සිද්ධියෙන් එම ආයතනයට හානි සිදුවී ඇති අතර එම්ටීවී සහ එම්බීසී සේවකයන් ද ප‍්‍රහාරය සඳහා පැමිණි පිරිසට ගල් මුල් වලින් නැවත පහරදී ඇත.ප්‍රහාර වලට ප්‍රසිද්ධ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සම්බන්ධ බව කියන සියයක පමණ මැර පිරිසක් අද පස්වරුවේ පැමිණ කැපිටල් මහරාජා සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට මෙම අනපේක්ෂිත මැර ප්‍රහාරය එල්ලකළ බවත් ඔවුන් ගල්මුල් වලින් පහරදීම නිසා ප්‍රධාන කාර්යාලයට හා එහි නවතා තිබූ වාහන රැසකට අලාභ හානි සිදුවී තිබෙන බවත් වාර්තාවේ.
වාර්තාවන අන්දමට මෙම ප්‍රහාරය නිසා කිහිප දෙනෙකුම තුවාල ලබා ඇත.
මෙම මැර පිරිස එල්ලකළ ගල් වලින්ම මහරාජා සංවිධානයේ සේවකයින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් ඒ හමුවේ මැර පිරිස පසුබා ගිය බවත් එහි සිටින ප්‍රකාශකයෙකු කීය.
වාර්තා වන්නේ පොලීසිය පැමිණ මෙම මැර පිරිසේ දහසය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි
ckrd,a fudavfhla s iudjla kE(19.03.2010)
ckm;s lshhs
ckm;sjrKfha ;u tÈßjdÈhd jQ ysgmq hqo yuqodm;s ckrd,a ir;a f*dkafialdg oekau iudjla ,eîfï bvlvla ke;ehs o iqodkï fkdù foaYmd,khg msúis Tyq fudavfhlshso uyskao rdcmË ckm;s isx.mamqrefõ iafÜ%Ü ghsïia m;%h iu. meje;s idlÉPdjl§ mejeiSh'
Tyq ;udg yuqjQ wjika Èkfha§j;a foaYmd,khg tk njla fkdlSfõ hehs o Tyq ckm;sjrKhg ;r. lsÍug je<elaùug bv ;snqK;a tfia fkdl< nj o ckm;s lsfõh'
Tyqg iudjla fokafka oehs weiQ m%Yakhlg ckm;s fufia ms<s;=re ÿkafkah'
zzTyqg iudjla ÿkfyd;a yuqod úkhg l=ula fõo@ hqoaOdêlrKhg .sh wfkla ks,Odßhkaf.a ;;a;ajh l=ula fõo@ ud fudkjd lrkako@ fï ì%;kH ks;shhs' Tjqka th bkaÈhdjg;a wmg;a ÿkakd'
ta't*a'mS' m%xY mqj;a
Fonseka: ‘I will never give up’, claims Channel 4
March 17, 201012:09 am
, 'Fonseka: ‘I will never give up’, claims Channel 4', ';
Exclusive: Former army commander General Sarath Fonseka tells Channel 4 News from his Sri Lanka prison cell that he is being set up, and claims the charges he faces in a military court are bogus.
Sri Lanka’s former army commander, who is facing two separate courts martial in Colombo, has told Channel 4 News that he has been set up and that the charges he is facing are bogus.
His handwritten answers were smuggled out of Sri Lankan Naval Headquarters, where General Sarath Fonseka is being held.
“None of the accusations are true,” said the general, who retired from the army to run in presidential elections against the incumbent, Mahinda Rajapaksa.
General Fonseka lost the January election by 1.8 million votes and was arrested last month and charged with corruption and engaging in politics while in uniform.
“He is jealous of me as I got more votes than him although he rigged he knows that I can challenge him [sic],” the general wrote, adding that he believed he was being held illegally and that his life remains at risk.
“But I will never give up exposing rogue president for sake of country,” he said.
Both men were credited with ending the 30-year civil war against Tamil insurgents in May last year and both have traded politically on war hero status. General Fonseka is Sri Lanka’s most-decorated soldier but he was branded a traitor for standing against his Commander-in-Chief.
“I hope the people of this country have realised that this rogue president stole their victory on last presidential election,” the general told Channel 4 News.
“They also must realise that this president behaving exactly like the Idi Amin.”
The former army chief appeared before a military court on Tuesday as thousands of his supporters protested in the capital, Colombo.
His court martial on charges of engaging in politics while still in the army was adjourned until 6 April 2010.
But Fonseka is due to appear at another military court hearing tomorrow (Wednesday) to face charges that he unfairly granted an arms contract to a company run by his son-in-law in the United States. Fonseka has challenged his arrest in the Supreme Court and a hearing has been set for 26 April.
Today one of the General’s lawyers said he “is not either pleading guilty or not guilty because the court has no power to hear and try these charges.”
They say that he retired from the army in July last year and could not therefore be arrested under military law.
Interviewed by Channel 4 News, the general’s wife, Anoma Fonseka, said the victory over the Liberation Tigers of Tamil Eelam guerrillas was made possible by the relationship between her husband and the president. “Without their friendship they couldn’t have won the war,” she said.
Mrs. Fonseka denied that the general was intending to launch a coup d’etat against his former friend. Asked whether she was living in fear for her life she replied: “Actually, not my life, but my husband’s life, yes. I am very scared for him.”
Gotabaya Rajapaksa, who is defence secretary and the president’s brother, has been accused of complicity in war crimes by General Fonseka.
The administration appears to fear what the general may say if he is asked to testify at any future war crimes hearings.
The defence secretary holds joint American citizenship and the general is a USgreen card holder.
From his guarded quarters inside Naval HQ, General Fonseka told Channel 4 News: “I will only celebrate the day I expose this rogue president to the country and to the world and bring the people of this country peace free of thuggery and political violence and bring real democracy to the country and stop corruption in the country.” – (Jonathan Miller for Channel 4)
ෆොන්සේකා හොරෙන් 'චැනල් 4' ට පිළිතුරු දීලා
Wednesday, 17 March 2010.
සරත් ෆොන්සේකා මහතා හමුදා අත්අඩංගුවේ සිටියදී බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාවට අදහස් ප‍්‍රකාශ කර ඇති අතර චැනල් 4 අසන ලද ප‍්‍රශ්න වලට ඔහු සිය අත්අකුරින් ලියූ පිළිතුරු නාවික හමුදා මූලස්ථානයෙන් හොර රහසේම ලබා දී තිබේ. චැනල් 4 රූපවාහිනිය ඊයේ 16 මේ බව විකාශය කර ඇත. සරත් ෆොන්සේකා මෙහිදී පවසා ඇත්තේ තමන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා මෙන්ම පිහිටුවා තිබෙන යුධාධිකරණ ද ව්‍යාජ ඒවා බවය. ඔහු සිය අත්අකුරින් මෙසේ ද ලියා තිබේ.
‘‘ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාට වඩා මම වැඩියෙන් ඡන්ද ලබා ගත්තාට එහු මාත් එක්ක ඊර්ෂ්‍යාවෙන් සිටිනවා. ඒ වගේම ඔහු දන්නවා මට එහුට අභියෝග කරන්න පුළුවන් කියලත්. මගේ ජීවිතය අවදානමක තියෙන්නෙ. ඒත් මේව හෙළි කිරීම මං අත්හරින්නෙ නෑ. ජනාධිපතිවරණෙදි මේ හොර ජනාධිපතිවරයා මගේ ජයග‍්‍රහණය හොරකම් කළ බව ලංකාවේ ජනතාව අවබෝධ කර ගනීවි කියල මං බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන් අවබෝධ කර ගනීවි මේ ජනාධිපතිවරයා ඉඩි අමීන් වගේ හැසිරෙන බව’’
මේ අතර චැනල් 4 ආයතනය සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකාගෙන් ද ප‍්‍රශ්න කර ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ ‘‘කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහිව පැවති යුද්ධය ජයග‍්‍රහණය කරන්නට හැකිවුණේ ජනාධිපතිවරයා සහ මගේ සැමියා අතර තිබුණු මනා සහයෝගය නිසා. ඔවුන්ගේ මිත‍්‍රත්වය නොවන්නට මේ යුද්ධය දිනන්න බැරිවෙන්නත් තිබුණා’’ යනුවෙනි. තමාගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් තිබේ දැ යි චැනල් 4 රූපවාහිනිය ෆොන්සේකා මහත්මියගෙන් ප‍්‍රශ්න කර ඇති අතර එහිදී ඇය ප‍්‍රකාශ කර තිබෙන්නේ ‘‘ඇත්තටම මගේ ජීවිතය ගැන නෙවෙයි මගේ සැමියාගේ ජීවිතය ගැන මට බයයි’’ යනුවෙනි.
මේ අතර ‘‘හොර ජනාධිපතිගේ වැඩ රටට සහ ලෝකයට හෙළි කළ දිනක දී මම එම දිනය සමරනවා. රටට හා ජනතාවට සාමය රැගෙන එනවා. මැරකම් වලින් සහ දේශපාලන ප‍්‍රචණ්ඩත්වයෙන් රට නිදහස් කරල රටට සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේනවා. දුෂණය නතර කරනවා’’ යනුවෙන් ද සරත් ෆොන්සේකා චැනල් 4 නාලිකාවට ප‍්‍රකාශ කර ඇත.
පහත දැක්වෙන්නේ සරත් ෆොන්සේකා 'චැනල් 4' නාලිකාවට සිය අත්අකුරින් ලියා යැවූ පිළිතුරු පත‍්‍රයේ කොටසකි
ඡන්ද සමයේදී මෙන් සුදු ඇඳුමින් සැරැසී
ජෙනරාල් යුද අධිකරණයේ පෙනී සිටී
සභාපති විනිසුරු චෝදනා කියවයි විත්තියේ විරෝධතා ප්‍රතික්ෂේප වේ යළි කැඳවීම අප්‍රේල් 6 වැනිදා (රන්ජිත් පද්මසිරි සහ චන්ද්‍රිකා පෙරේරා) හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (16) උදේ යුද්ධාධිකරණය හමුවේ පෙනී සිටියේය. සිය නීතිඥයන් සමඟ පැමිණි විත්තිකාර ජෙනරාල්වරයා හමුවේ යුද හමුදා පනත යටතේ ඉදිරිපත් කර තිබූ චෝදනා තුන සභාපති විනිසුරුවරයා විසින් කියවන ලදි. සක්‍රීය යුද හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් යුද හමුදා පනතේ 124 හා 102 (1) වගන්ති යටතේ ඉදිරිපත් කළ එම චෝදනා වලට පිළිතුරු දීම ප්‍රතික්‍ෂ්ප කළ විත්තිකාර ජෙනරාල් වරයා තමා චෝදනා නොපිළිගන්නා බව කීය. තමාට එරෙහිව පත්කර ඇති යුද්ධාධිකරණයේ අධිකරණ බලය නොපිළිගන්නා බව ද ඔහු කීය. විත්තිකාර ජෙනරාල්වරයා කිසිදු බලකිරීමකින් තොරව සිය නීතිඥයන් සමඟ මේ යුද්ධාධිකරණය හමුවේ පෙනී සිටියේ මැතිවරණ සමයේ ඔහු ඇඳි කොලරය සහිත කමිස හා කලිසමෙන් සැරසී ගෙනය.
මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග (සභාපති), මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග හා මේජර් ජෙනරාල් ඩී. ආර්. ඒ. පී. ජයතිලක යන මහත්වරුන් ගෙන් මේ යුද්ධාධිකරණය සමන්විත විය.
රියද් අද්මිරාල් ඩබ්ලිව්. ඩබ්ලිව්. ජේ. එස්. ප්‍රනාන්දු මහතා මේ යුද්ධාධිකරණයේ විනිසුරු නීතිඥවරයා ලෙස කටයුතු කරයි. නඩුව යුද්ධාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සභාපති විනිසුරු මේජර් ජෙනරාල් වීරතුංග මහතා විත්තිකරු වෙත චෝදනා පත්‍රය කියැවීය.
අනතුරුව චෝදනා විභාග කිරීමට පෙර විත්තිකාර ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලයේ ප්‍රධානි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා තමාට විත්තිය වෙනුවෙන් මූලික විරෝධතා දෙකක් මතුකිරීමට අවස්ථාව ඉල්ලා සිටියේය.
යුද්ධාධිකරණයේ කටයුතු ආරම්භ කිරීමට පෙර එහි විනිසුරු සංයුතිය පිළිබඳව විත්තියේ විරෝධය පළ කරන බව කී අර්සකුලරත්න මහතා යුද්ධාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනාටම එරෙහිව කරුණු දක්වමින් සිය මූලික විරෝධය පෑවේය.
විනිසුරුවරුන් විත්තිකරු යටතේ සේවය කළ නිලධාරීන් නිසා ඔවුන් හා විත්තිකරු අතර ප්‍රශ්න ඇති බවට එක් එක් විනිසුරුවරයා පිළිබඳව වෙන වෙනම අර්සකුලරත්න මහතා විරෝධතා දැක්වීය.
එහෙත් හමුදා පනත යටතේ ඇති බලතල අනුව එම විරෝධතා පිළිබඳව කරුණු සළකා බැලූ යුද්ධාධිකරණය, විනිසුරුවරුන් පිළිබඳව විත්තිය මතු කළ විරෝධතා වෙන වෙනම ප්‍රතික්‍ෂේප කළේය.
යුද්ධාධිකරණය නඩුව විභාග කිරීම සඳහා ව්‍යවස්ථාපිත බව තහවුරු වීමෙන් පසු ඊට මේ චෝදනා විභාග කිරීමට ඇති අධිකරණ බලයට අභියෝග කළ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඒ සඳහා කරුණු ගොනු කිරීමට කල් ඉල්ලා සිටියේය.
දැනට හමුදා සේවයේ නොමැති විත්තිකාර ජෙනරාල්වරයා පිළිබඳව නඟා ඇති චෝදනා විභාග කිරීමට කනිෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයකට නොහැකිය යන පදනම මත තමා කරුණු ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව කී අර්සකුලරත්න මහතා ඒ සඳහා සූදානම් වීම පිණිස තමාට සාධාරණ කාල සීමාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිබඳ පැමිණිල්ල මෙහෙයවන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් බුවනෙක අලුවිහාරේ මහතා විත්තියේ ඉල්ලීම පිළිබඳව අධිකරණයේ අභිමතය පරිදි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව විභාගය ලබන අපේ‍්‍රල් 06 දිනට කල් තැබූ යුද්ධාධිකරණය එදිනට මූලික විරෝධතා තහවුරු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කරන ලෙසට ෂත්තියට නියෝග කළේය.
මේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් බුවනෙක අලුවිහාරේ මහතා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර හා රජයේ නීතිඥ සුදර්ශන් ද සිල්වා මහත්වරුන් සමඟ පෙනී සිටියේය.
සැකකාර ජෙනරාල් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෝල් රත්නායක නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥවරුන් වන වසන්ත බටගොඩ, සුගත් කල්දේරා, එරාජ් ද සිල්වා, නිලන්ති පීරිස්, රියාද් අමීන් හා නලීන් ලද්දුවහෙට්ටි යන මහත්ම මහත්මීන් සමඟ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
ෆොන්සේකාගේ පළමු යුධාධිකරණය අපේ‍්‍රල් 06 නැවත රැස්වේ
සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පත් කරන ලද පළමු යුධාධිකරණය අපේ‍්‍රල් 06 වන දින නැවත රැස්වීමට තීරණය කර තිබේ. මෙම යුධාධිකරණයේ කටයුතු අද (16) පෙ.ව 9.30 ට පමණ නාවික හමුදා මූලස්ථානයේ දී ආරම්භ කෙරුණේ එහි සභාපති මේජර් ජනරාල් එච්.එල්.වීරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙනි. මෙහිදී සලකා බැලූණේ ෆොන්සේකා මහතා සක‍්‍රීය සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතු වල නිරතවීම සම්බන්ධයෙන් යුද හමදා පනතේ 102 වන වගන්තිය යටතේ ගොනු කෙරුණු චෝදනා 03කි.
යුද හමුදා මාධ්‍ය ප්රකාශක මේජර් ජනරාල් ප‍්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ප‍්‍රමුඛ නීතීඥ මණ්ඩලයක් සමග සරත් ෆොන්සේකා මහතා යුධාධිකරණය හමුවේ පෙනී සිටි බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ බවත්ය.
මේ අතර සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පත් කර තිබෙන දෙවන යුධාධිකරණය හෙට 17 දින රැස්වීමට නියමිතව තිබේ.
විමල් නිසා ජනතාවට හරි හිනාලූ
Tuesday, 16 March 2010
- අනුරත් පංචායුදය ගැන කතා කරයි
මව්බිම වෙනුවෙන් කිසිම කැප කිරීමක් නොකරන අය තමන් මව්බිමේ පංචායුදය ලෙස හඳුන්වා ගනිමින් කටවුට් පෝස්ටර් ගැසීම ගැන රටේ ජනතාවට සිනා පහළ වන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා පෙන්වා දෙයි. ඔහු මේ අදහස් පළ කළේ කුසලාන සන්ධානය මගින් ඊයේ (15) අකුරැස්ස පරණ බස්නැවතුම්පොළ අසල පැවැත්වූ ජනරැළියක් අමතමිනි. මව්බිම ආරක්‍ෂා කිරීමේ පළමු වගකීම ඇත්තේ සේනාධිනායක වන ජනාධිපතිවරයාට බවත් අද වෙනත් පිරිස් මව්බිමේ පංචායුද බවට පත්ව ඇත්තේ මව්බිම රැක ගැනීමට ජනාධිපති අසමත්වීම නිසා වියයුතු බවත් මෙහිදී දිසානායක මහතා පෙන්වා දුන් අතර මේ අවස්ථාවට ජවිපෙ මාතර අපේක්‍ෂකයන් වන ජිනදාස කිතුලේගොඩ පේමසිරි මානගේ යන මහත්වරුන්ගේ මෙන්ම විජිත හේරත් හා අනෝමා ෆොන්සේකා මහත්මිය ද සහභාගි වී තිබිණි.
මෙය කුසලානය මගින් මාතර දිස්ත‍්‍රික්කයේ පවත්වන ප‍්‍රධාන ජනරැළි කිහිපයෙන් එකක් ලෙස විශාල ප‍්‍රචාරයක්ද ලබා දී සංවිධාන කර තිබූ නමුදු මෙම ජනරැළියට ඉතා අඩු සෙනගක් සහභාගි වී සිටීම ද විශේෂත්වයකි. මේ තත්වය මත අනෝමා ෆොන්සේකා මහත්මිය මේ රැළියට සහභාගි නොකර හදිසි අවශ්‍යතාවක් නිසා පැමිණීමට නොහැකි වූ බව පවසමින් ඇය මගදීම ආපසු හරවා යැවීමට රැුළියේ සංවිධායකයන් තීරණය කර තිබූ නමුදු ෆොන්සේකා මහත්මිය ඇගේම දැඩි උවමනාව මත මෙම රැළියට සහභාගි වූ බව ද වාර්තා වේ.
පක්ෂ 36කටත් ස්වාධීන 301කටත් විද්‍යුත් මාධ්‍යයෙන් නොමිලේ ජනතාව ඇමැතීමට ඉඩ
දයා පෙරේරා පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන පක්ෂ 36ක් හා ස්වාධීන කණ්ඩායම් 301කට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඡන්ද දායකයන් නොමිලේ ඇමැතීම සඳහා පැය 190ක් වෙන් කැරේ. ඒ අනුව එක් පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් පැය භාගය බැගින් ගුවන් කාලයක් ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇත.
දින හතක් නොකඩවා ම ගුවන් විදුලියක ගුවන් කාලය සම්පූර්ණයෙන්ම මැතිවරණ ප්‍රචාරක කතා සඳහා වෙන් කළත් සියලු පක්ෂවලට හා කණ්ඩායම්වලට ඉඩ ලබා දීම දුෂ්කර වී ඇති බව මැතිවරණ ආරංචි මාර්ග කියයි. පක්ෂ ගණනාවක් හා ස්වාධීන කණ්ඩායම් රාශියක් ගුවන් කාලය ලබා ගැනීමට ඉදිරිපත් වී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
ෆොන්සේකා අද යුද්ධාධිකරණයට
නඩුව වීඩියෝ කිරීමට හා සාක්කි පටිගත කිරීමට පියවර චන්ද්‍රිකා පෙරේරා හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා අද (16) රැස්වෙන යුද්ධාධිකරණයේ කටයුතු සම්පූර්ණයෙන් වීඩියෝ ගත කිරීමටත් සාක්කි පටිගත කිරීමටත් කටයුතු යොදා තිබේ. යුද්ධාධිකරණය අද (16) හා හෙට (17) ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ දී රැස්වෙන අතර එහිදී ජෙනරාල් ෆොන්සේකා මහතාට එරෙහිව නඩු දෙකක් විභාග කෙරේ. යුද හමුදා පනත යටතේ නඩු දෙකකින් චෝදනා 7ක් විශ්‍රාමික ජෙනරාල්වරයාට එරෙහිව මේ යුද්ධාධිකරණය හමුවේ විභාග කිරීමට නියමිතය. සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් නගා ඇති පළමු නඩුව අද (16) ආරම්භ කෙරේ. යුද හමුදා පනතේ 124 හා 102 (1) වගන්ති යටතේ මේ නඩුව ඉදිරිපත් කර ඇත. දෙවැනි නඩුව හෙට (17) කැඳවීමට නියමිතය. එම නඩුවෙන් යුද හමුදාවට භාණ්ඩ මිලදී ගැනීමට අදාළව ඇති නීති රීති රෙගුලාසි වලට පටහැනිව කටයුතු කෙළේ යැයි චෝදනා මත යුද හමුදා පනතේ 109 (ඊ) වගන්තිය යටතේ චෝදනා හතරක් ගොනු කැර තිබේ.
චෝදනා විභාගයට පෙර ජෙනරාල් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මූලික විරෝධතා මතු කිරීමට සූදානම් වන බව දැන ගැනීමට ලැබී තිබේ. මේ යුද්ධාධිකරණ දෙකේ සාමාජිකයන් ලෙස මේජර් ජෙනරාල් එච්. එල්. වීරතුංග (සභාපති) මේජර් ජෙනරාල් ඒ. එල්. ආර්. විජේතුංග හා මේජර් ජෙනරාල් ඩී. ආර්. ඒ. පී. ජයතිලක යන මහත්වරු කටයුතු කරති. රියද් අද්මිරාල් ඩබ්ලිව්. ජේ. ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විනිසුරු මේ යුද්ධාධිකරණයේ අධිනීතිඥ ලෙස කටයුතු කරයි.
එජාපය මාරු වෙයි; ෆොන්සේකාට ජවිපෙ පිහිටයි
Tuesday, 16 March 2010
- ඒකත් මැතිවරණය නිම වනතුරු පමණයි--
සරත් ෆොන්සේකා යුධාධිකරණයට පැමිණවීමට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය මගින් ඊයේ (15) කොළඹ දී පැවැත්වූ සත්‍යග‍්‍රහයට එක්සත් ජාතික පක්‍ෂය ද සහභාගි කරවා ගැනීමට එහි සංවිධායකයන් උත්සාහ දරා තිබුණ ද එජාපය විසින් එම ආරාධනාව මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කර තිබේ. මෙය මැතිවරණයට අදාළ කටයුත්තක් නොවන බවත් ෆොන්සේකා මහතාට සිදුවූ අසාධාරණයට එරෙහිව විපක්‍ෂය ඇතුළු සියලූ බලවේග පොදුවේ මැදිහත්විය යුතු බවත් ජවිපෙ පාර්ශ්වයෙන් මෙහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා හරහා කරුණු දක්වා තිබුණ ද එජාපය එය මගහැර ගොස් ඇත්තේ ෆොන්සේකා වෙනුවෙන් තමන් අවශ්‍ය ඕනෑම මෙහොත මැදිහත්වන බව පවසමිනි.
මේ අතර ෆොන්සේකා එජාපය හා එක්ව තරග නොකළ ද ඔහුට ඕනෑම සහයෝගයක් ලබා දීමට තම පක්‍ෂය සූදානම් බව පසුගිය දා ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළ අතර කිරිඇල්ල මහතාගේ ප‍්‍රකාශය ද එජාපය තුළ මතභේදයට තුඩු දී තිබිණි. මේ නිසාම වහා යළිත් මාධ්‍ය හමුවක් කැඳවූ තිස්ස අත්තනායක මහතා කිරිඇල්ලගේ ප‍්‍රකාශයට සපුරා ප‍්‍රතිවිරුද්ධ මතයක් ප‍්‍රකාශ කිරීම ද විශේෂත්වයකි.
ෆොන්සේකා රනිල්ට එරෙහිව යමින් ජවිපෙ හා එක්වී කොළඹින් මැතිවරණයට ඉදිරිපත්වීම මේ සියලූ ගැටුම් වලට හේතුව වී ඇති අතර මේ නිසා අද වන විට ජවිපෙ බැගෑපත් ආයාචනය ද නොතකා ෆොන්සේකා මුළුමනින්ම අමතක කර දැමීමට එජාපය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. දුටුගැමුණුත් මනාප සටනට
Tuesday, 16 March
එක්සත් ජනතා නිදහස් සනධානයේ කැළණිය ආසනයේ ප‍්‍රබලයෙකු වන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද මේ දිනවල සන්ධානයේ අපේක්‍ෂකයන් සමග මනාප සංග‍්‍රාමයට එළඹී ඇතැයි වාර්තා වේ. මැතිවරණය ආරම්භයේ සිටම මීට අදාළ යම් යම් සිදුවීම් වාර්තා වූ අතර මේ වන විට ඇමතිවරයා අනෙකුත් අපේක්‍ෂකයන් සමග ප‍්‍රසිද්ධියේ ගැටුමට නොගිය ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට පමණක් මනාප ලබා දෙන ලෙස ඔහු නිතර නිතර මැතිවරණ වේදිකාවේ ප‍්‍රකාශ නිකුත් කිරීමට පටන්ගෙන තිබේ.
ඔහු ප‍්‍රධාන වශයෙන්ම මෙහිදී තම අපේක්‍ෂකයන්ට අභියෝගයක් වෙතැයි සලකන අතුරලියේ රතන හිමි හා හිටපු අමාත්‍ය පියසිරි විජේනායක එල්ල කර ගනිමින් මේ ප‍්‍රකාශ නිකුත් කරන අතර මේ වනතුරු එම අපේක්‍ෂකයන්ට ප‍්‍රසිද්ධියේ තර්ජන ගර්ජන එල්ල කිරීමක් වාර්තා නොවේ.
නමුත් පියසිරි විජේනායක මහතාගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන කැළණියේ ජාතික නිදහස් පෙරමුණේ ක‍්‍රියාකාරකයෙකුට මේ වන විට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලැබෙන්නට පටන් ගෙන ඇති අතර කැළණියේ දේශපාලන කටයුතු කිරීම වහාම නවතා දමන ලෙස ඒ හරහා ඔහුට තර්ජනාත්මකව දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ලොව කුඩාම මිනිසා මියයයි
March 16, 2010
ලොව කුඩාම මිනිසා මියයයි. 1988 චීනයේ උපත ලද පින්ග් පින්ග් නැමති මෙම ලොව කුඩාම මිනිසාගේ උස ලෙස සටහන්ව තිබුණේ සෙන්ටිමීටර 74 . 6 කි.
2008 වසරේ දී මොහු ලෝකයේ කුඩාම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් විය. මිය යන විට 22 වියෙහි පසු වුණු මොහු රෝමයේ රෝහලක දී පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. භූමදාන කටයුතු සඳහා දේහය චීනයට ලබා දෙන ලෙස ඥාතීන් විසින් ඉල්ලා සිටියි.
ෆොන්සේකා අද යුධ අධිකරණයට(16.03.2010)
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද යුධ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකුට එරෙහිව මෙරට යුධ අධිකරණයක් පිහිටුවන පළමු අවස්ථාව මෙය වේ. නමුත් අද රැස්වන යුධ අධිකරණය නීත්‍යානුකූල නොවන බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි. එහෙත් යුද හමුදාවේ හිටපු විනිසුරු අධි නීතීඥ ජනරල් එම්. සමරකෝන් මහතා පැවසුවේ එම චෝදනාව පිළිගත නොහැකි බවය.
උපදේශක මණ්ඩල යෝජනාව නොකළ යුතුව තිබූ දෙයක්
ශ්‍රී ලංකාවට ඇඟිලි ගසන්න එපා!
නොබැඳි සමුළු සභාපති එ.ජා. මහ ලේකම්ට කියයි (දයා ඩි.ෆොන්සේකා) ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නොකළ යුතු දෙයක් සිදුකැර ඇති බවත් එම ක්‍රියාවට බලවත් විරෝධය පළ කරන බවත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරයා අවධාරණය කරයි. එම සංවිධානයේ සභාපති මජීඩ් ඒ.අබ්දලාසින් මහතා එ.ජා. මහ ලේකම්ට යැවූ ලිපියේ සඳහන් කැර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමට කිසිදු බාහිර පාර්ශ්වයකට අයිතියක් නැති බවයි. නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරයා මේ අදහස් පළ කැර ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සොයා බැලීම සඳහා උපදේශක මණ්ඩලයක් පත්කළ යුතු බවට එ.ජා. මහලේකම්වරයා කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමිනි. නොබැඳි ජාතීන්ගේ සංවිධානය රටවල් 124කින් සමන්විත වන අතර එය ලොව පිළිගත් හා පුළුල් අන්තර්ජාතික සංවිධානයක් වන අතර ශ්‍රී ලංකාව එහි මුල් පෙළේ සාමාජික රටකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සියලු වගකීම් මැනැවින් ඉටු කරමින් සිටින බවත් එහෙයින් ශ්‍රී ලංකාව පිළිබඳව සොයා බැලීමට විදේශ පුද්ගලයන් පත්කිරීම අයෝග්‍ය බවත් නොබැඳි සමුළු සභාපතිවරයා යැවූ ලිපියේ සඳහන් වෙයි. ආරක්ෂක මණ්ඩලයට හෝ එ.ජා. මහ මණ්ඩලයට හෝ මානව හිමිකම් කවුන්සිලයට හෝ ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකරන බවට චෝදනා කළ නොහැකි බවත්, මේ ලිපියෙන් අවධාරණය කැර ඇත.
සුද්දෝ යලි බොරු කියති
Sunday, 14 March 2010 12:05
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ වාර්තාවේ කරුණු රැසක්‌ම සාවද්‍ය බව ශ්‍රී ලංකා රජය සඳහන් කරයි. පිටු විසිතුනකින් යුතු මෙම වාර්තාව ඉකුත් 18 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. උතුර - නැගෙනහිර ප්‍රදේශවලදී පුද්ගලයන් 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් අතුරුදන්වන බව කරුණා පිල්ලෙයාන් සහ ඩග්ලස් දේවානන්දා යන දේශපාලන නායකයන්ට අයත් කණ්‌ඩායම් රජයේ හමුදාවන්ට සහාය වෙමින් මිනිස් ඝාතන රැසක් සිදුකර ඇති බව හමුදා කොන්ත්‍රාත් ලබාදීමේදී විශාල ලෙස අල්ලස් දී ඇති බව, වැඩ වර්ජන කළ පුද්ගලයන් රැකියාවලින් දොට්‌ට දමන බව, ශ්‍රී ලංකා රජයේ ආධිපත්‍යය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් ගෙන යන බවට ඇතුළු කරුණු ඇතුළත් කර මෙම වාර්තාව නිකුත් කර ඇත.
මෙම වාර්තාව සකස් කර ඇත්තේ කොළඹ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් සපයන ලද තොරතුරු පදනම් කරගෙන බවට රජය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
ෆොන්සේකා විසින් රනිල් වික‍්‍රමසිංහ වෙත යැවූ බව පැවසෙන ඉතා රහසිගත ලිපිය.
(08.03.2010)


යුද හමුදාවේ 22ක් ඇතුළු 35කගෙන් සාක්කි
විශ්‍රාමික ෆොන්සේකාට එරෙහි චෝදනා පත්‍රය දින 2ක් ඇතුළත
චෝදනා 5ක් යටතේ කරුණු ගොනු වෙයි චන්ද්‍රිකා පෙරේරා විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව ඉදිරි දින දෙක ඇතුළත චෝදනා පත්‍රය ගොනු කැර අවසන් කිරීමට නියමිතය. යුද හමුදා පනත යටතේ චෝදනා පහකට වැඩි ප්‍රමාණයක් ජෙනරාල්වරයාට විරුද්ධව ගොනුවෙමින් පවතින බව හමුදා මාධ්‍ය ප්රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පවසයි. යුද හමුදා නීති අංශ නිලධාරීන් මේ දිනවල එම චෝදනා ගොනුව සැකසීමේ කටයුතු සිදු කරන අතර හිටපු හමුදාපතිවරයාට විරුද්ධව සැකසුණු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව අධ්‍යයනයට ලක්කරමින් එම කටයුත්ත සිදු කෙරේ. පුද්ගලයන් 35 කගෙන් ලැබුණු සාක්කි හා තාක්ෂණික සාක්කි මත මේ වාර්තාව සැකසුණු අතර ඒ සඳහා යුද හමුදාවේ පුද්ගලයන් 22ක් පොලිසියේ 07 ක් හා සිවිල් පුද්ගලයන් 6ක් සාක්කි ලබාදී ඇති බව සමරසිංහ මහතා සඳහන් කෙළේ ය. ජෙනරාල්වරයාට විරුද්ධව සැකසුණු සාක්කි සම්පිණ්ඩන වාර්තාව යුද හමුදාපති මේජර් ජෙනරාල් ජගත් ජයසුරිය මහතා වෙත ලබාදීමෙන් පසු ඒ පිළිබඳව ක්‍රියාකිරීමට යුද හමුදා නීති අංශය වෙත බාරදී තිබිණි. ඒ අනුව යුද හමුදා නීති අංශය චෝදනා පත්‍රය ගොනු කිරීමේ කටයුතු සිදු කරනු ලබයි. චෝදනා පත්‍රය ගොනුකර අවසන් කිරීමෙන් පසු හිටපු හමුදාපතිවරයාට විරුද්ධව යුද අධිකරණය හමුවේ නඩු විභාගය පවත්වනු ලබයි. ඒ සඳහා චෝදනා පත්‍රය සැකසීමෙන් පසු විනිසුරු මඩුල්ල පත්කිරීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් හෝ ජනාධිපතිවරයා ලබාදෙන අවසරය මත යුද හමුදාපතිවරයා විසින් විනිසුරු මඩුල්ල නම් කරනු ලබන අතර, පුද්ගලයන් තිදෙනකු හෝ පහකගෙන් මේ විනිසුරු මඬුල්ල සමන්විත වීමට නියමිතය. විනිසුරු මඬුල්ල පත්කිරීමෙන් පසු චූදිත ජෙනරාල්වරයා විසින් ඊට විරෝධය පළකළහොත් එහි සාධාරණ බව සොයා බලා විනිසුරු මඬුල්ලේ පුද්ගලයන් වෙනසකට බඳුන් කිරීමට ද හැකියාව පවතී
ලෝක කාන්තා දිනය අද
Monday, 08 March 2010
ලෝක කාන්තා දිනය අද (08) දිනට යෙදී තිබේ. 1970 වස්රේ දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර දී සම්මත කෙරුණු යෝජනාවකට අනුව වර්ෂ 1975 සිට ලෝක කාන්තා දිනය සැමරේ. ජගත් කාන්තා දිනය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාතික උත්සවය හම්බන්තොට සිරිබෝපුර දී මේ වන විට පැවැත්වේ. ‘සංවර්ධන සහස‍්‍රයේ කාන්තාවන්ගේ දායකත්වය’ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාවයි.
රනිල්ට එරෙහිව උසාවි යනවා 07.03.2010
රංජිත් මද්දුම බණ්ඩාර කියයි නිරූෂි විමලවීර නිසි පරීක්ෂණයක් නොකොට දිස්ත්‍රික් නායකත්වයෙන් තමා ඉවත් කළහොත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අධිකරණය හමුවට යන බව මොනරාගල දිස්ත්‍රික් නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කරයි. දශක ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන තමා අත්තනෝමතික ලෙස පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම අසාධාරණ බවත්, තමාට එරෙහිව යම් චෝදනාවක් ඇත්නම් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, පවසන මද්දුම බණ්ඩාර මහතා, එසේ් නොකොට පක්ෂයේ තනතුරුවලින් තමා ඉවත් කිරීම දැඩි අසාධාරණ හා පක්ෂග්‍රාහී තීන්දුවක් බව පවසයි. මොනරාගල දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීමට තමා ඍජුව හෝ වක්‍රව සම්බන්ධ යැයි පක්ෂ නායකවරයා චෝදනා කරන්නේ නම් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට තවමත් අවස්ථාව තිබෙන බව හෙතෙම සඳහන් කරයි. පක්ෂයේ දැනට දරන තනතුරුවලින් ඉවත් කර ඇති බවට ලිඛිත ලියවිල්ලක් තමා වෙත මෙතෙක් ලැබී නැති බවද හෙතෙම ප්‍රකාශ කරයි.
මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සභාපතිවරුන් හා පළාත් සභා හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් තමාගේ නායකත්වය පිළිගනිමින් දක්ෂ නායකයාගේ් තීන්දුවට එරෙහිව දැනටමත් පෙළ ගැසී ඇති බව, හෙතෙම වැඩිදුරටත් පැවසීය.
‘‘මේ වැඬේ අනෝමාට භාරදීලා ඔය කට්ටිය පැත්තකට වෙන්න’’06.03.2010
- අර්ජුන හඳුන්නෙත්තිගෙන් ඉල්ලයි
සරත් ෆොන්සේකා අත්අඩංගුවට පත්ව සිටින තත්වයක් යටතේ මෙවර මැතිවරණ ව්‍යාපාරය පෙරට ගෙන යාමට ජවිපෙ තුළ සිටින විජිත සෝමවංශ ටිල්වින් වැනි සියලූ නායකයන්ට වඩා අනෝමා ෆොන්සේකා ආකර්ෂණීය චරිතයක් බව අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ කුසලාන සන්ධානයේ මැතිවරණ කටයුතු අනෝමා මූලිකත්වයෙන් පෙරට ගෙන යාම පිළිබඳ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවයා සමග අදහස් හුවමාරු කර ගත් අවස්ථාවක දීය. ඔහුගේ එම ප‍්‍රකාශය ගැන හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා වැඩි ප‍්‍රසාදයක් පළ නොකළ ද රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අනුර දිසානායක මේ මැතිවරණය තුල පෙරට නොගැනීමත් සෝමවංශයට නිතර නිතර මුල් තැන දීමත් හේතුවෙන් තමන්ට සෑහෙන පාඩුවක් සිදුවිය හැකි බවයි.
පසුගියදා පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්‍ෂක හමුවේ දී සෝමවංශ පැවැත්වූ කතාව ද මෙහිදී අර්ජුන රණතුංගගේ විවේචනයට ලත්ව ඇති අතර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එම කතාවේ දී සෝමවංශ පිළිගත් ආකාරයට මේ මැතිවරණ ව්‍යාපාරයේ මුල් පුටුව අනෝමාට භාරදී සෝමවංශ පසෙකට කළ හැකි නම් එය තමන්ට බෙහෙවින් වාසි සහගත විය හැකි බවය.
මේ අතර තම සැමියා වෙනුවෙන් රටපුරා සියලූ ප‍්‍රචාරක රැළි ඇමතීමට මේ වන විට අනෝමා ෆොන්සේකා මහත්මිය එකගතාව පළ කර තිබීම නිසා සරත් ෆොන්සේකා නැති අඩුව අනෝමාගෙන් පුරවා ගත හැකි බව ද ඇගේ මැදිහත් වීම ජවිපෙට මේ මොහොතේ කදිම පිළිසරණක්බව ද රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත

ජ. වි. පෙ. කොහේද යන්නේ? 06.03.2010
මැතිවරණ උණ නැවතත් පැතිර යන හෙයින්, දේශපාලනයෙන් බැහැරව ලිවීම අපහසු දෙයකි. දේශපාලනය ආසියාතික රටවල වැසියන් වන අපගේ ප්‍රියතම විෂයකි. ඊළඟට සිදුවන්නේ කුමක් දැයි දැන ගැන්මේ විමසීමේ නොසිඳෙන කුතුහලයක් අප තුළ තිබේ. දැනටමත් අසුවල් ඇමැතිවරු පරාද වෙතැයිද, අසුවල් අපේක්‍ෂකයන් උඩින්ම දිනතැයි ද මිනිස්‌සු කතා බහ වෙති. මේ මාතෘකා අතර වඩාත් කතා බහට ලක්‌වන්නේ ජනතා විමුක්‌ති පෙරමුණයි. නමුත් සැබෑ තත්ත්වයට අනුව ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ නමින් කිසිදු අපේක්‍ෂකයකු ඉදිරිපත් වී නැත. ඔවුන් මෙවර ඉදිරිපත් වී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නම් පක්‍ෂයෙනි. නමුත් මෙයින් සති කිහිපයකට පෙර ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සිටියේ එක්‌සත් ජාතික සන්ධානයේ ය. එජාප (රනිල්), මුස්‌ලිම් කොංග්‍රසය (රවුෆ් හකීම්), බස්‌නාහිර ජනතා පෙරමුණ (මනෝ ගනේෂන්) ශ්‍රීලනිප (ම පිල) මංගල සමරවීර සිටියේ ඒ සංධානයේ ය. එය පක්‍ෂ 19 කින් යුත් සංධානයක් වුවද, අනෙක් පක්‍ෂ මොනවා දැයි කිසිවෙකුත් හරි හැටි නොදනිති. එම එක්‌සත් ජාතික සංධානයේ මාධ්‍ය ප්‍රකාශකකම කළේ ජ.වි.පෙ. යේ අනුර කුමාර දිසානායකය. එ. ජා. සංධානයේ පොදු අපේක්‍ෂකයා වූයේ ජෙනරාල් ෆොන්සේකා මහතා ය. ලකුණ හංසයා ය. ජනාධිපතිවරණයේ බරපතල පරාජයෙන් පසු එක්‌සත් ජාතික සංධානය නමැති ඒ පක්‍ෂය දැන් එක්‌සත් ජාතික පෙරමුණ බවට පත් වී තිබේ. ලකුණ අලියා වුවද එහි නම එක්‌සත් ජාතික පක්‍ෂය නොවේ. ක්‍ෂණික දැන හැඳුනුම් මත ඇති කර ගන්නා විවාහ ක්‍ෂණිකව කැඩී යැම බොහෝ විට සිදු වන්නකි. ජ.වි.පෙ.ය එජාපයට පෙම් කළේ නැත. ඔවුන් එජාපය සමඟ ඇතිකර ගත්තේ තාවකාලික එකගෙයි කෑමකි. වුවමනාව තිබුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් පලිගැනීමය. ජවිපෙ එයින් පරාජය ලැබුවා පමණක් නොව රටේ ජනතාවගෙන් ද බරපතල ලෙස ගැරහුම් ලදහ. සිය පාක්‍ෂිකයන්ගේ අපවාදවලට ලක්‌වූහ. යූ.එන්.පී.ය සමඟ කරට අත දමා ගැනීම ජවිපෙයට හිතවත් ප්‍රගතිශීලී අදහස් ඇත්තවුන් නොරිස්‌සූහ. ජනතාව තුළ ජවිපෙය කෙරෙහි ප්‍රසාදයක් තිබුණේ ඔවුන් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කළ අය බැවිනි. ඔවුන් කෙතරම් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කළේද යත් 2004 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගතව ඡන්දය ඉල්ලූ අවස්‌ථාවේදී ජ.වි.පෙ. මන්ත්‍රීවරු 38 දෙනෙක් පාර්ලිමේන්තුවට එවීමට තරම් මෙරට ප්‍රගතිශීලී අදහස් දරන ඡන්දදායකයෝ ඔවුන් කෙරෙහි ප්‍රසාදජනක වූහ. ඒ 2004 මැතිවරණයේදී ගාලු දිස්‌ත්‍රික්‌කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලැබූ මන්ත්‍රීවරයා වූයේ ජවිපෙයෙන් ඉදිරිපත් වූ අජිත් කුමාර නමැති ලාබාල උපාධිධාරී තරුණයාය. ඔහු ලද සියලු ඡන්ද ජ.වි.පෙ. ඒවා නොවේ. නමුත් ජවිපෙ. ලද 38 දෙනකුගේ පාර්ලිමේන්තු බලය රාජපක්‍ෂ රජය මෙල්ල කිරිමේ කෙවිටක් කර ගැන්මට යැම නිසා පාර්ලිමේන්තු බලය තුලනය කර ගැනීමට සන්ධාන රජය එ.ජා.ප.යෙන් මන්ත්‍රීවරු 17 දෙනකු ඇමැතිකම් දෙමින් බා ගත්තේය. (ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව විපක්‍ෂ මන්ත්‍රීවරයකුට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඇමැති තනතුරක් දුනහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ හැකියාව නිශේධනය වේ.) මේ සා විශාල ඇමැති තනතුරු සමූහයක් වැඩි වූයේ ජ.වි.පෙ.ය සිය මන්ත්‍රීවරු 38 හරහා රාජපක්‍ෂ ආණ්‌ඩුව පාර්ලිමේන්තුව තුළදී වට්‌ටවන්නට තැත් කළ නිසා ය. ජෙනරාල් ෆොන්සේකා ජ.වි.පෙ.යේ තෝරා ගැනීමකි. එය හොඳ ඉලක්‌ක සහගත තෝරා ගැනීමකි. ජෙනරාල් ෆොන්සේකා පිටුපස තිබෙන විදේශ බලවේගත්, ඒවා සමඟ ජ.වි.පෙ. කොතෙක් බැඳි සිටී ද යන්නත් දෘෂ්‍යමාන නොවේ. නමුත් එහි කොන්ත්‍රාත්තුවක ලක්‍ෂණ තිබේ. ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇමරිකාව සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය රජයට කරන බලපෑම්වලින් පෙනෙන්නේ ජෙනරාල්වරයා ජනාධිපති තරගයට ඉදිරිපත් වීම පිටුපස විදේශ බලපෑම් තිබී ඇති බවයි. ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක යෙදෙන ජවිපෙයට ලෝක අධිරාජ්‍යවාදීන්ගේ කොන්ත්‍රාත්තුවලට සහයෝගය දිය හැකිද? එය ජනතාව කල්පනා කරන දෙයකි. ජ.වි.පෙ.යේ ප්‍රධාන සටන් පාඨය අල්ලස. දූෂණය, ඥාති සංග්‍රහය සහ ඒකාධිපතිවාදයට එරෙහි වීමයි. ජනාධිපතිවරණයේදී ඔවුන් එකට හිඳ ගත් එ.ජා.ප.ය තුළ ඒවා නොතිබුණේ ද. කෝප් වාර්තාව හෙළි කළ දූෂකයන් අතර එ.ජා.ප ඇමැතිවරු නොසිටියේ ද?. එජාපය රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොතෙක් දූෂණය කළා දැයි ජවිපෙය හොඳින් දනී. මක්‌නිසාද අතීතයේ එ.ජා.ප. රජයන් ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කළ අවස්‌ථාවන්හිදී ඒවාට එරෙහිව වීදි බැස වඩාත්ම සටන් කළේ ඔවුන් වන බැවිනි. ජ.වි.පෙ. සාමාජිකයන් පමණක් නොව රටේ ඉතා අහිංසක තරුණ තරුණියන් පවා දස දහස් ගණනින් ඝාතනය කළේ එජාපයි. නමුත් දැන් ජ.වි.පෙ. නායකයන් කියන්නේ ඒවා අමතක කළ යුතු බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංහාසනයෙන් බැස්‌සවීම සඳහා ඒවා අමතක කළ යුතු බවයි. ඒවා ජ.වි.පෙ.යට අමතක වුවද රටේ ජනතාව අමතක කළේ නැත. එජාපය සමඟ කරට අත දමා ගැනීම ජනතාව නොරිස්‌සුවේ එබැවිනි. ජවිපෙය ඉදිරිපත් කළ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවීමට ඡන්දය නුදුන්නේ එබැවිනි. දැන් ජ. වි. පෙ. ඡන්දය ඉල්ලන්නේ සිය පක්‍ෂය පසෙකින් තබා ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානය නමැති පක්‍ෂයෙනි. එහි නායකයා ජෙනරාල්වරයා ය. මුළු රටම දන්නා ආකාරයට ජෙනරාල් ෆොන්සේකා ජ.වි.පෙ. පාක්‍ෂිකයකු නොවේ. කිසිදාක ඔහුට ජ.වි.පෙ. සබඳතාවක් තිබුණේ නැත. හමුදා ප්‍රධානියකු වෙතින් කිසිසේත්ම එවැන්නක් බලාපොරොත්තු විය හැකි ද නොවේ. ජවිපෙය මේ යන්නේ කොහේ දැයි ජනතාව විමතියෙන් බලා සිටින්නේ එබැවිනි. ජවිපෙය විනය ඉතා තදින් සලකන පක්‍ෂයකි. මා දන්නා හඳුනන ජවිපෙ සාමාජිකයෙකුගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරනු ලැබුයේ අඩු වයස් යුවතියකගේ විවාහයට අත්සන් තැබීමේ වරද නිසා ය. ධනුන තිලකරත්නගේ මව සන්තකයේ බැංකුවක තිබුණු ඩොලර් මිටි සහ ප්‍රෑන්ක්‌ස් නෝට්‌ටු කුමක් සඳහා දැයි ප්‍රශ්නයට ඇය පිළිතුරු දී තිබුණේ ඒවා ජෙනරාල්වරයාගේ මැතිවරණයට වියදම් කරනු පිණිස තබා ගත් ඒවා බවය. කෝටි 7 ක් පමණ වන ඒ මුදල් කුමන ආකාරයෙන් ලැබුණු ඒවා දැයි අපි නොදනිමු. නමුත් ජ.වි.පෙ. විනයට අනුව නම් මුදල් ද පාරිශුද්ධ විය යුතුය. ඒ හරහා ඔවුන්ගේ නායකයා ද පාරිශුද්ධ විය යුතුය. විමල් වීරවංශ ජ.වි.ප.යෙන් ඉවත්ව ආණ්‌ඩු පක්‍ෂයට ගිය අවස්‌ථාවේ සීගිරි ගලෙන් පතුරක් ගැලවුණාට සීගිරිය හෙල්ලෙන්නේ නැතැයි අනුර කුමාර දිසානායක කීවේය. සීගිරියේ වටිනාකම තිබෙන්නේ එය ගල් පර්වතයක් වන නිසා නොවේ. එය රජෙකුගේ අපූර්වතම බලකොටුවක් වන නිසා ය. එහි ඇති බිතු සිතුවම් නිසාය. කැටපත් පවුරේ කුරුටු ගී නිසා ය. ජවිපෙ නමැති සීගිරියේ ප්‍රෙෘඪත්වය ඉතිහාසගත වටිනාකම් ගරා වැටෙමින් තිබෙන බැව් පෙනේ. එහි නායකයෝ එහි ඉතා වටිනා සිතුවම්වල තාර ගාමින් සිටිති. කැටපත් පවුරේ වටිනා අකුරු මකමින් අලුත් ගී ලියමින් සිටී. මෙවැනි සටහනක් තැබුවේ ජ.වි.පෙ. ය යනු අපේ දේශපාලන පක්‍ෂ අතර වඩාත්ම පිරිසිදු පක්‍ෂය ලෙස 30 වසරක් විශ්වාසය දිනා ගෙන සිටි නිසා ය.
ජෙනරාල්ට සහාය දෙන එජාප සාමාජිකයන්ට එරෙහි ව විනය ක්‍රියාමාර්ග
ඉන්දික පොල්කොටුව සහ අසේල කුරුළුවංශඑක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරමින් සරත් ෆොන්සේකා මහතාගේ කණ්ඩායමට හෝ වෙනත් ඕනෑම පක්ෂයකට හෝ එක් වී තරග කරන හා ඒ සඳහා සහාය ලබා දෙන ඕනෑම පක්ෂයක සාමාජිකයකුට එරෙහි ව දැඩිව විනය ක්‍රියා මාර්ග ගන්නා බව එ.ජා.ප. මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව වෙන වෙනම තීරණ ගැනීමට තරග කිරීමට හෝ වෙනත් පක්ෂයකට සහාය ලබාදීමට කිසිදු එ.ජා.ප සාමාජිකයකුට අයිතියක් නැතැයි ද ඒ මහතා කීය. ඊයේ 04 මහනුවරදී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බැව් පැවසීය.
‘ලංකා’ පුවත්පත ෆොනීගේ හොර ලියුම හෙළි කරයි
Friday, 05 March 2010
අත්අඩංගුවේ සිටින සරත් ෆොන්සේකා විසින් රනිල් වික‍්‍රමසිංහ වෙත යැවූ බව පැවසෙන ඉතා රහසිගත ලිපියක් මෙවර (මාර්තු 07) ලංකා පුවත්පතේ තුන්වන පිටුවේ සම්පූර්ණයෙන්ම පළ කිරීමට ඔවුන් කටයුතු යොදා තිබේ. මේ ලිපිය පුවත්පතේ පළවීමත් සමගම මෙහි රහස්‍යභාවය කුමක් ද යන ගැටලූව ඕනෑම අයෙකුට මතුවන අතරම අනෙක් අතින් ජවිපෙ නූතන නායකයා වන ෆොන්සේකාගේ අභිරහසක් ජවිපෙ පුවත්පත මගින්ම හෙළිදරව් කර තිබීම ද මෙහිදී ඉතාම විශේෂ කරුණකි. කෙසේවුවද ෆොන්සේකා ගේ අත්අකුරින් ලියූ පිටපතේ ඡයාරූපයක් ද සහිතව පළ කර ඇති අදාළ ලිපිය කියවා බැලීමේ දී එහි රහසිගත කරුණු කිසිවක් අඩංගු නොවන අතර චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගැනීම, එක්නැලිගොඩ අතුරුදන් වීම, මාධ්‍ය මර්දනය, දේශපාලන පළිගැනීම් ආදිය ගැන ඉතා කෙටියෙන් කරුණු දක්වමින් රජයේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩපිළිවෙලට එරෙහිව තමන් එක් පෙරමුණකට පැමිණිය යුතු බව මේ හරහා ෆෙනේසේකා විසින් රනිල් වික‍්‍රමසිංහට අවධාරණය කොට තිබේ. නාමයෝජනා භාරදීමට පෙරාතුව නම් ජවිපෙ බලකිරීම මත හෝ ෆොන්සේකා එජාපයට මෙවැනි ආරාධනාවක් කිරීමෙන් ජවිපෙ අපේක්‍ෂා කළ පරිදි ජවිපෙ එජාප සන්ධනයක් ගොඩනගා ගැනීමට හැකියාව තිබිණි. එසේවුවද ඒ සියලූ කටයුතු හමාර වී ඇති මේ මොහොතේ ෆොන්සේකා මෙවැනි ලිපියක් ලියා ඒ සඳහා ලංකා පුවත්පතේම පිටුවක් වෙන් කර පුවත්පතේ සිරිස්තලයට ද ‘‘ජනරාල්ගෙන් රනිල්ට රහසිගත ලියුමක්’’ යනුවෙන් යොදා ඊට විශාල ප‍්‍රචාරයක් දී ඇත්තේ කුමන අරමුණක් මත ද යන්න පැහැදිලි නැති බව දේශපාලන විචාරකයන්ගේ අදහස් වී තිබේ.
මඩු වලිගයකින් පියාට පහර දුන් සුජිත් කුරේට සිර දඬුවම් මාස 6ක සිර දඬුවම වසර 5කට අත්හිටුවයි
පාණදුර කපිල සෝමරත්න (02.03.2010) සිය පියා වන හිටපු විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමැති මර්වින් ජේ. කුරේ මහතාට මඩු වලිගයකින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරද පිළිගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සුජිත් කුරේ නමැති විත්තිකරුට මාස 6ක බරපතල සිර දඬුවමක් ඊයේ (2) නියම කළ පාණදුර මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් එම සිර දඬුවම වසර 5කට අත්හිටුවන ලදී. මේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි විත්තිකාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයේ සිට ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
වාද්දුව පොලිසිය ඊයේ ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කෙළේය. ඔහුගේ පියා වූ මර්වින් ජේ. කුරේ මහතා ද අධිකරණයේ පෙනී සිටියේය. තම පුතා මඩු වලිගයකින් පහර දීම නිසා තුවාල ලැබ පාණදුර රෝහලේ දින හතක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ බව මර්වින් ජේ. කුරේ මහතා අධිකරණය හමුවේ පැවැසීය. මින් මතුවට යම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද හොත් අත්හිටවූ සිර දඬුවම ක්‍රියාත්ම වන බවද ඇප දීමක් නොකෙරෙන අතර ඉතා ප්‍රවේශමෙන් ජීවත්වන ලෙසටද මහේස්ත්‍රාත් වරයා විත්තිකාර සුජිත් කුරේට දැඩි ලෙස අවවාද කරමින් පැවැසීය. නීතිඥ වජිර කවිසිංහ මහතා සහ සැරයන් සුගත් ප්‍රනාන්දු පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූහ
සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ සැබෑ උවමනාවක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට නැතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. ෆොන්සේකා මහතා අත්අඩංගුවේ සිටීමෙන් වඩාත්ම සතුටුවන පුද්ගලයා රනිල් වික්රමසිංහ මහතා බවද ඔවුන් අවධාරණය කර තිබේ. මහ මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී මේ කරුණු අනාවරණය කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන්ගේ හමුවකදී එම කරුණු සාකච්ඡාවට ලක්කොට ඇත. ඉකුත් දිනක හම්බන්තොට දී පැවැති දිස්ත්‍රික් සමුළුවකදී ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට කලගුණ සලකා ඇතැයි යන ප්‍රකාශය කරමින් රනිල් වික්රමසිංහ මහතා උත්සාහ කර ඇත්තේ ආණ්ඩුව ජිල්මාට් එකකින් ජනාධිපතිවරණය දිනූ බවට ජ. වි. පෙ ගෙන යන ප්‍රචාරය සාවද්‍ය එකක් බවට ජනතාවට ඒත්තු ගැන්වීමටය යැයිද ජනාධිපතිවරණය නිදහස හා සාධාරණ එකක් බවට මුල්ම ප්‍රකාශය සිදු කළේ වික්‍රමසිංහ මහතා බවටද එහිදී චෝදනා ඉදිරිපත් වී තිබේ. මේ නිසා ඉදිරියේදී සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතික පක්‍ෂය සක්‍රීය ලෙස දායක කර නොගැනීමට ද ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි කියති. පසුගියදා මහනුුවරදී පැවැති සත්‍යග්‍රහයට එක්සත් ජාතික පක්‍ෂය සම්බන්ධ කර නොගත්තේ ද සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලමින් එ. ජා. ප. හා ජ. වි. පෙ. ඒකාබද්ධව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මහජන පෙත්සම තිබියදීම අන්තර් ජාල පෙත්සමක් අත්සන් කිරීමෙන් වෙනත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා ඇත්තේ ජවිපෙ හා එජාපය අතර ඇති මේ අර්බුදය දුර දිග යාම නිසා බව පැවසේ.
ශ්රී ලංකාව බි‍්‍රතාන්‍යය කිරීටයට යටත් වී අදට (02) වසර 195 ක් සපිරේ. වර්ෂ 1815 මාර්තු 02 වැනිදා ලංකාවේ අවසන් රාජධානිය වු කන්ද උඩරට රාජධානිය ගිවිසුමක් මගින් ඉංග‍්‍රීසීන්ට පවරා දීමෙන් අනතුරුව මුළු දිවයිනම ඔවුන්ගේ පාලනයට නතුවිය. අනතුරුව 1948 පෙබරවාරි 04 වන දා දක්වා ශ‍්‍රී ලංකාව පාලනය කරන ලද්දේ බි‍්‍රතාන්‍යයන් විසිනි.
.
යහපාලනය පිළිබඳ කතා කරන එක්සත් ජාතික පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ නායකයන් ජෙනරාල් ෆොන්සේකාගේ බෑණාගේ මව සතුව තිබී හමු වූ මුදල් පිළිබඳව ප්‍රකාශයක් නොකරන්නේ මන්ද යැයි ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රශ්න කරයි. රාජපක්ෂ පවුලට අයත් සේප්පුවක තිබී මේ මුදල් සොයා ගත්තේ නම් අද මේ අයෙගේ ප්‍ර‍්‍රධාන මාතෘකාව වන්නේ එය බව පවසන ඇමැතිවරයා ෆොන්සේකා මහතාගේ පවුල සම්බන්ධ හේතුවක් නිසා විපක්ෂ නායකයන් කසාය පානය කළ ගොළුවන් සේ මුණිවත රකින බවත් කියයි. ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ කොළඹ , මහවැලි කේන්ද්‍රයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිණි. වරදක් නොකළේ නම් ධනුන තිලකරත්න පොලිසියෙන් කට්ටි පනිමින් සැඟ වී සිටින්නේ මන්ද යැයි ප්‍රශ්න කළ ඇමැතිවරයා කරු ජයසූරිය මහතාගේ යහපාලනය පිළිබඳ දේශනාව අනුව ඔහු ප්‍රථමයෙන් කළ යුතුව තිබුණේ ධනුනව පොලිසියට භාරදීම යැයි ද කීවේ ය. ධනුනගේ විදෙස් රටවල බැංකු ගිණුම් පිළිබඳ විමර්ශනය කිරීමටත් රහස් පොලිසිය අවසර ඉල්ලා ඇති බවත් ඇමැතිවරයා පැවැසීය. ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නම් ඊට එරෙහිව උද්ඝෝෂණ කරන අතරේ ධනුනගේ මුදල් පිළිබඳවත් වචන දෙක තුනක් වත් පවසන්න යැයි ඇමැතිවරයා එජාප යෙන් හා ජවිපෙන් ඉල්ලා සිටියේ ය. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත , ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහත්වරුද මෙහි දී අදහස් දැක් වූහ
මහ මැතිවරණයට ‘හංසයා’ ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීම එජාප නායක රනිල් වික්රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර ඇත. ‘අලියා’ ලකුණින් තරග කරන්නට ගෙන ඇති තීරණය වෙනස් නොකරන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. මේ අතර, එකට එක්වී තරග කිරීමට ෆොන්සේකා මහතාගෙන් පණිවිඩයක් ලැබෙන තුරු එක්සත් ජාතික පක්ෂය බලාසිටින බවට, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ජ.වි.පෙ. හිටපු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියයි. මේ සම්බන්ධයෙන් “ලංකා ඊනිවුස්’ වෙත ප්‍රකාශයක් කරන අනුර කුමාර දිසානායක මහතා ‘හංසයා’ ලකුණින් තරග කිරීමට කැමති බව ප්‍රකාශ කෙරෙන කිසිම පණිවිඩයක් ජෙනරාල් ෆොන්සේකාට යවා නැතැයි පවසයි. එජාපය මෙලෙස කියන්නේ සමාජයෙන් එල්ලවන චෝදනා නිසා බවත් අනුන්ගේ පිට වරද පටවා චෝදනාවලින් ගැලවීම එජාපයේ අදහස බවත් දිසානායක මහතා පවසා තිබේ
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හටගෙන තිබූ අර්බුදය උත්සන්න වී මේ වන විට එය ප‍්‍රසිද්ධියේ ම එකිනෙකාට දොස් පවරා ගන්නා තත්වයට වර්ධනය වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී එක් සන්ධානයක් යටතේ තරග වැදුණු මෙම දෙපක්‍ෂය එළඹෙන මහ මැතිවරණයේ දී වෙන්ව තරග කිරීමට නියමිතය. එයට හේතුව එක්ව තරග කිරීම සඳහා ජවිපෙ දිගින් දිගටම කරන ලද ආයාචනා සියල්ල එජාපය විසින් එකහෙළාම ප‍්‍රතික්ෂේප කිරීමයි. මෙම පක්‍ෂ දෙක අතර පවතින අර්බුදය ඔඩුදුවා තිබෙන අන්දම ඔවුන් එළි පිටම දොස් පවරා ගන්නා ආකාරයෙන් මනාව පැහැදිලි වන බව දේශපාලන ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එයට කදිම උදිහරණයක් ජවිපෙට අයත් ‘ලංකා ටෲත්’ නමැති වෙබ් අඩවිය අද (23) දිනයේ සපයා ඇත. එනම් බැසිල් රාජපක්‍ෂ මහතා එජාපයේ වජිර අබේවර්ධන මහතා ඊයේ 22 ඉතා රහසිගත ලෙස හමුවී සාකච්ඡ පැවැත්වූ බවත් මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු වජිර අබේවර්ධන මහතා ආණ්ඩුවට එක් කර ගන්නා බව රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රකාශ කර ඇති බවත් සඳහන් ලිපියක් පළ කිරීමය. එම ලිපියේ දැක්වෙන ආකාරයට වජිර අබේවර්ධන මන්ත‍්‍රීවරයා මහ මැතිවරණය සම්බන්ධව එජාපය ඉදිරියේ දී ගනු ලබන තීරණ ද බැසිල් රාජපක්‍ෂ මහතාට දැනුම් දී ඇතැයි සඳහන් වේ. මීට අමතරව මහ මැතිවරණය අවසන් වන තෙක් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමට කටයුතු කරන ලෙස ද අබේවර්ධන මහතා මෙම හමුවේ දී රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා කර තිබේ. මේ අතර මේ සම්බන්ධව දේශපාලන විචාරකයන් බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ එජාපය සමග තිබෙන වෛරය හේතුවෙන් ජවිපෙ මෙම කටයුත්තේ නිරත වී ඇති බවත් ජවිපෙ මෙවැනි ප‍්‍රතිචාරයක් දැක්වීම පුදුමයට කරුණක් නොවන බවත්ය
කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරය විසින් පවත්වාගෙන යන මාධ්‍ය නාලිකාවක් වන ‘සිරස’ ටීවී නාලිකාව ලබන සඳුදා පටන් සිය වැඩ සටහන් පෙලගැස්ම වෙනස් කරන්නට තීරණය කර තිබේ. එයට ආසන්න හේතුව ලෙස ඔවුන් සලකනු ලැබ ඇත්තේ මේ වන විට රාජපක්‍ෂ පාලනය විසින් සිරස නාලිකාව සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට සූදානමින් පසුවීම බව සිරස අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. තවත් ප‍්‍රධාන හේතුවක් ලෙස ඔවුන්ගේ තීරක මඬුල්ල විසින් සලකා ඇත්තේ තම නාලිකාව සම්බන්ධයෙන් ලංකාවේ මහජනයාගේ ඇති දැඩි සැක කටයුතු තත්වය සහ අවිශ්වාසයයි. අමතර හේතුවක් ලෙස ඔවුන් සලකා ඇත්තේ ඔවුන් විසින් මුලදී ඉදිරිපත් කරනු ලැබූ එමෙන්ම ඉහල පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලැබූ ඉන්දියානු මෙගා නාට්‍ය (රන් දෙපැය)යටපත් කරගෙන වර්තමානයේ ස්වාධීන රූපවාහිනිය විසින් ඉදිරිපත් කරනු ලබන දේශීය මෙගා නාට්‍ය මාලාව වේගයෙන් ඉදිරියට පැමිණීමයි. ලබන සඳුදා පටන් වෙනස් වන සිරස නාලිකාවේ රාත‍්‍රී 8 පටන් විකාශණය වන මෙගා නාට්‍ය මාලාව නවතා දමන්නට සිරස පාලනාධිකාරිය තීරණය කර ඇතත් ඒ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත. එලෙසම තමන් විකාශණය කරන ප‍්‍රවෘත්ති විකාශයන් බරපතල ලෙස මහජන අප‍්‍රසාදයට ලක්ව ඇති බැවින් රාති‍්‍ර 7, 8, 10 ලෙස රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශ තුනක් ඉදිරිපත් කරන්නටද ඔවුන් අවසන් තීරණයකට එළඹ ඇත. ඔවුන් සිය වැඩසටන් ප‍්‍රතිසැලසුම් කර ඇත්තේ දේශීයත්වය උපරිම ලෙස ඉස්මතු වන ආකාරයටය. එලෙසම බටහිර අධිරාජ්‍යවාදයේ මීලඟ මැදිහත් වීමේ ස්වරූපය සම්බන්ධයේ රට දැනුවත් නොකරමින් සමාජයේ අඳුරු අහුමුළු වල සිදුවන විවිධ ක‍්‍රියාකාරකම් තම මාධ්‍ය ජාලය මඟින් රට පුරා පතුරුවමින් සියුම් ලෙස ආණ්ඩුව අප‍්‍රසාදයට පත් කිරීමේ සහ බටහිරට වාසි සැලසීමේ මානසික මෙහෙයුමක ස්වරූපයෙන් ආරම්භ කරන්නට යන මේ සිරස දෙවන මෙහෙයුම පූර්ණ ලෙස බටහිර රාජ්‍යයන් විසින් හසුරුවන බවටද අප වෙත වාර්තා වී ඇත
.
'හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්' ආයතනය යුද හමුදාව වෙත ව්යාජ ලේඛන ඉදිරිපත් කරමින් අමෙරිකා ඩොලර් 2,99061.25 ක් වංචා කැර ඇතැයි කියන සිද්ධියට අදාළ ප්රශ්නගත ටෙන්ඩර් හතර සම්බන්ධයෙන් එවකට යුද හමුදා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිව සිටි දැනට යුද හමුදා අත් අඩංගුවේ පසුවන විශ්රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් ප්රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (17) දන්වා සිටියේය. 'හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්' ආයතනය යුද හමුදාව වෙත ව්යාජ ලේඛන ඉදිරිපත් කරමින් අමෙරිකා ඩොලර් 2,99061.25 ක් වංචා කැර ඇතැයි කියන සිද්ධියට අදාළ ප්රශ්නගත ටෙන්ඩර් හතර සම්බන්ධයෙන් එවකට යුද හමුදා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිව සිටි දැනට යුද හමුදා අත් අඩංගුවේ පසුවන විශ්රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් ප්රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (17) සිටියේය දන්වා. තමා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිව සිටියදී මේ ටෙන්ඩර් හතරට අදාළව කටයුතු කළ බවත් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය මත මේ මිලදී ගැනීම් සිදු කළ බවත් විශ්රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා සිය ප්රකාශයෙන් සඳහන් කළ බවද රහස් පොලිසිය ඊයේ (17) වැඩිදුරටත් මහේස්ත්රාත් අධිකරණයට දන්වා සිටියේය. තමා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිව සිටියදී මේ ටෙන්ඩර් හතරට අදාළව කටයුතු කළ බවත් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය මත මේ මිලදී ගැනීම් සිදු කළ බවත් විශ්රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා සිය ප්රකාශයෙන් සඳහන් කළ බවද රහස් ඊයේ පොලිසිය (17) වැඩිදුරටත් මහේස්ත්රාත් අධිකරණයට දන්වා සිටියේය. පසුගිය 14 වැනිදා විශ්රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් මේ ප්රකාශයන් සටහන් කර ගත් බවද රහස් පොලිිසිය අධිකරණයට දන්වා සිටියේය. පසුගිය 14 වැනිදා විශ්රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් මේ ප්රකාශයන් සටහන් කර ගත් බවද රහස් පොලිිසිය අධිකරණයට දන්වා සිටියේය. ධනුන තිලකරත්න තමා හඳුනන බවත් ඔහු 'ඊමේල්' මගින් ඉහත ටෙන්ඩර් හතර ලබා ගැනීම සඳහා මිල ගණන් සම්බන්ධයෙන් තමා දැනුවත් කළ බව දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසු වන 'හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්' ආයතනයේ සැකකාර අධ්යක්ෂවරයා රහස් පොලිසියට ප්රකාශයක් දෙමින් පවසා ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ඊමේල් ධනුන තිලකරත්න තමා හඳුනන බවත් ඔහු 'මගින් ඉහත ටෙන්ඩර් හතර ලබා ගැනීම සඳහා මිල ගණන් සම්බන්ධයෙන් තමා දැනුවත් කළ බව දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසු වන' හයිකෝප් ආයතනයේ ප්රයිවට් ලිමිටඩ් 'සැකකාර අධ්යක්ෂවරයා රහස් පොලිසියට ප්රකාශයක් දෙමින් පවසා ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ධනුන තිලකරත්න තමා දැනුවත් කිරීමෙන් පසුව 'බ්රිටිෂ් බොර්නියෝ ඩිෆෙන්ස්' සමාගමට අදාළ ලිපි ශීර්ෂයන්හි එම මිල ගණන් ඇතුළත් කර මෙම ටෙන්ඩර් හතර ලබා ගැනීමට ඉදිරිපත් කළ බවද සැකකරු ප්රකාශ කර සිටි බව රහස් පොලීසියේ ප්රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිරිවර්ධන මහතා ඊයේ (17) අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාව මගින් දන්වා සිටියේය. ධනුන තිලකරත්න තමා දැනුවත් කිරීමෙන් පසුව 'බ්රිටිෂ් බොර්නියෝ ඩිෆෙන්ස්' සමාගමට අදාළ ලිපි ශීර්ෂයන්හි එම මිල ගණන් ඇතුළත් කර මෙම ටෙන්ඩර් හතර ලබා ගැනීමට ඉදිරිපත් කළ බවද සැකකරු ප්රකාශ කර සිටි බව රහස් පොලීසියේ ප්රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිරිවර්ධන ඊයේ මහතා (17) අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාව මගින් දන්වා සිටියේය. ”හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්” ආයතනය ප්රශ්නගත ටෙන්ඩර් හතර ලබාගැනීමට ඉදිරිපත් කළ අවස්ථාවේ මිල ගණන් ඉදිරිපත් කළ තවත් පෞද්ගලික සමාගම් අටකින් ප්රකාශ සටහන් කැර ගත් බව අධිකරණයට දන්වා සිටි රහස් පොලිසිය “හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්” ආයතනය ව්යාජ ලේඛන ඉදිරිපත් කැර ටෙන්ඩර් ලබාගැනීමෙන් තම සමාගම්වලට මූල්ය පාඩුවක් සිදුවූ බවට එම සමාගම් ප්රකාශ කැර සිටින බව ද රහස් පොලිසිය තවදුරටත් දන්වා සිටියේය. "හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්" ආයතනය ප්රශ්නගත ටෙන්ඩර් හතර ලබාගැනීමට ඉදිරිපත් කළ අවස්ථාවේ මිල ගණන් ඉදිරිපත් කළ තවත් පෞද්ගලික සමාගම් අටකින් ප්රකාශ සටහන් කැර ගත් බව අධිකරණයට දන්වා සිටි රහස් පොලිසිය "හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්" ආයතනය ව්යාජ ලේඛන ඉදිරිපත් කැර ටෙන්ඩර් ලබාගැනීමෙන් තම සමාගම්වලට මූල්ය පාඩුවක් සිදුවූ බවට එම සමාගම් සිටින බව ද රහස් පොලිසිය තවදුරටත් දන්වා කැර ප්රකාශ සිටියේය. ”හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්” ආයතනයේ හෝ “බ්රිටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස්” සමාගම් හි අයිතිකරුවන් තමන් නොදන්නා බවත්, තම බෑණා වන ධනුන තිලකරත්න මේ මිලදී ගැනීම් සඳහා සම්බන්ධ නොවූ බවත්, විශ්රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය ප්රකාශයෙන් සඳහන් කළ බව ද රහස් පොලිසිය පවසයි. "හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්" ආයතනයේ හෝ "බ්රිටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස්" සමාගම් හි අයිතිකරුවන් තමන් නොදන්නා බවත්, තම බෑණා වන ධනුන තිලකරත්න මේ මිලදී ගැනීම් සඳහා සම්බන්ධ නොවූ බවත්, විශ්රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය ප්රකාශයෙන් සඳහන් කළ බව ද රහස් පොලිසිය පවසයි. යුද හමුදාව වෙත ව්යාජ ලේඛන ඉදිරිපත් කැර ටෙන්ඩර් හතරක් ලබාගනිමින් ඉහත මුදල වංචා කිරීම සම්බන්ධව දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන “හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්” ආයතනයේ අධ්යක්ෂවරයා ලබන 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට මහේස්ත්රාත්වරිය ඊයේ (17) නියෝග කළාය. යුද හමුදාව වෙත ව්යාජ ලේඛන ඉදිරිපත් කැර ටෙන්ඩර් හතරක් ලබාගනිමින් ඉහත මුදල වංචා කිරීම සම්බන්ධව දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන "හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්" ආයතනයේ අධ්යක්ෂවරයා ලබන 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට ඊයේ මහේස්ත්රාත්වරිය (17) කළාය නියෝග. සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ධනුන තිලකරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මහේස්ත්රාත්තුමිය විසින් මීට පෙර වරෙන්තු නිකුත් කැර තිබුණි. සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ධනුන තිලකරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මහේස්ත්රාත්තුමිය විසින් මීට පෙර වරෙන්තු නිකුත් කැර තිබුණි. ධනුන තිලකරත්න මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට කඩිනමින් පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලිසියේ ප්රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිරිවර්ධන මහතා ඊයේ (17) අධිකරණය වෙත දැන්වීය. ධනුන තිලකරත්න මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට කඩිනමින් පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලිසියේ ප්රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිරිවර්ධන ඊයේ මහතා (17) අධිකරණය වෙත දැන්වීය. රක්ෂිත බන්ධනාගාරයේ පසුවන “හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්” හි අධ්යක්ෂ වෙලිංටන් ට්රෙන්ටන් ඩේ හොටි නමැති සැකකරු සිද්ධියට සම්බන්ධ බව කියන ධනුන තිලකරත්න අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන තෙක්ම රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබන්නේ නම් ඉන් ඔහුට අගහිඟයක් සිදුවන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය මහතා පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙසට ඉල්ලා සිටියේය. රක්ෂිත බන්ධනාගාරයේ පසුවන "හයිකෝප් ප්රයිවට් ලිමිටඩ්" හි අධ්යක්ෂ වෙලිංටන් ට්රෙන්ටන් ඩේ හොටි නමැති සැකකරු සිද්ධියට සම්බන්ධ බව කියන ධනුන තිලකරත්න අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන තෙක්ම රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබන්නේ නම් ඉන් ඔහුට අගහිඟයක් සිදුවන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය මහතා පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙසට ඉල්ලා සිටියේය. සිද්ධියේ විශේෂ අවස්ථාගත කරුණු මත හා සැකකරු පොදු දේපළ පනත යටතේ සිදුකළ වැරදිවලට අදාළව අධිකරණයට ඉදිරිපත් කැර ඇති බැවින් පළමු සැකකරුට ඇප ලබාදිය නොහැකි බව මහේස්ත්රාත්වරිය ඊයේ (17) ප්රකාශ කළාය. සිද්ධියේ විශේෂ අවස්ථාගත කරුණු මත හා සැකකරු පොදු දේපළ පනත යටතේ සිදුකළ වැරදිවලට අදාළව අධිකරණයට ඉදිරිපත් කැර ඇති බැවින් පළමු සැකකරුට ඇප ලබාදිය නොහැකි බව ඊයේ මහේස්ත්රාත්වරිය (17) කළාය ප්රකාශ. ඇප නොමැතිව සැකකරු රක්ෂිත බන්ධනාගාරයේ සිටින අවස්ථාවලදී පරීක්ෂණ කටයුතු කිසිදු ප්රමාදයකින් තොරව කඩිනමින් සිදුකිරීම පැමිණිල්ලේ වගකීම වන බව ඊයේ (17) ප්රකාශ කැර සිටි මහේස්ත්රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කළාය. ඇප නොමැතිව සැකකරු රක්ෂිත බන්ධනාගාරයේ සිටින අවස්ථාවලදී පරීක්ෂණ කටයුතු කිසිදු ප්රමාදයකින් තොරව කඩිනමින් සිදුකිරීම පැමිණිල්ලේ වගකීම වන ඊයේ බව (17) ප්රකාශ කැර සිටි මහේස්ත්රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කළාය. දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරු සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකරන පරීක්ෂණ මොනවාද? දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරු සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකරන පරීක්ෂණ මොනවාද? යන්න හා මේ දක්වා සිදුකළ පරීක්ෂණවල ප්රගතිය ඇතුළත් සවිස්තර වාර්තාවක් ලබන 03 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන මෙන් මහේස්ත්රාත්වරිය රහස් පොලිසියට ඊයේ (17) නියෝග කළාය. යන්න හා මේ දක්වා සිදුකළ පරීක්ෂණවල ප්රගතිය ඇතුළත් සවිස්තර වාර්තාවක් ලබන 03 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන මෙන් මහේස්ත්රාත්වරිය රහස් ඊයේ පොලිසියට (17) කළාය නියෝග. රහස් පොලිසියේ ප්රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිරිවර්ධන, පොලිස් පරීක්ෂක පී. විශ්වනාදන් යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. රහස් පොලිසියේ ප්රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිරිවර්ධන, පොලිස් පරීක්ෂක පී. විශ්වනාදන් යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. ජ්යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය මහතා සමඟ නීතිඥ මිස්බා සහාර්, හිරාෂ් නූර්දීන් යන මහත්වරු රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකාර අධ්යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටියහ. ජ්යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය මහතා සමඟ නීතිඥ මිස්බා සහාර්, හිරාෂ් නූර්දීන් යන මහත්වරු රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකාර අධ්යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටියහ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන සිටි දනුන තිලකරත්නගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය අද (17) තීරණය කළේය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ පුද්ගලයන් සිව් දෙනෙකු ඇගේ ඇප සඳහා ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනුම් දුන් බවයි
අලියා ලකුණ අතහැර ඉදිරි මහා මැතිවරණයට තරග කිරීමට එ.ජා.ප යේ ජ්යෙෂ්ඨයන් අකමැති බවත් අලියා අතහැර මින් ඉදිරියට මැතිවරණවලට තරග කිරීමට එ.ජා.ප නායකත්වයට ඉඩ නොදෙන බවත් එ.ජා.ප ජ්යෙෂ්ඨ මන්ත්රීවරයෙක් කීය. අලියා ලකුණ අතහැර ඉදිරි මහා මැතිවරණයට තරග කිරීමට එ.ජා. ප යේ ජ්යෙෂ්ඨයන් අකමැති බවත් අලියා අතහැර මින් ඉදිරියට මැතිවරණවලට තරග කිරීමට එ.ජා. ප නායකත්වයට ඉඩ නොදෙන බවත් එ.ජා. ප ජ්යෙෂ්ඨ මන්ත්රීවරයෙක් 'සිළුමිණ' කීය ට. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයාට එම පෙරමුණට එක්වූ සෙසු පක්ෂවලින් සැලකිය යුතු ඡන්ද ප්රමාණයක් නොලැබුණ බවත් එම ජ්යෙෂ්ඨ මන්ත්රීවරයා කීය. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයාට එම පෙරමුණට එක්වූ සෙසු පක්ෂවලින් සැලකිය යුතු ඡන්ද ප්රමාණයක් නොලැබුණ බවත් එම ජ්යෙෂ්ඨ මන්ත්රීවරයා කීය . එම නිසා කිසිදු හේතුවක් මත අලියා ලකුණ අමතක කැර එ.ජා.ප. එම නිසා කිසිදු හේතුවක් මත අලියා ලකුණ අමතක කැර එ.ජා.ප. යට ඉදිරි ගමනක් යා නොහැකි බව ද හෙතෙම කීය. යට ඉදිරි ගමනක් යා නොහැකි බව ද හෙතෙම කීය. ජනතා විමුක්ති පෙරමුණට, මනෝ ගනේෂන් සහ මංගල සමරවීර වැනි අයගේ පක්ෂවලට ජනතාවගේ සහායක් නොමැති බවත් ඔවුන්ට අවශ්ය නම් අලියා පිටේ නැඟී යාමට ඉඩකඩ තිබෙන බව ද එ.ජා.ප මන්ත්රීවරයා අවධාරණය කෙළේ ය. ජනතා විමුක්ති පෙරමුණට, මනෝ ගනේෂන් සහ මංගල සමරවීර වැනි අයගේ පක්ෂවලට ජනතාවගේ සහායක් නොමැති බවත් ඔවුන්ට අවශ්ය නම් අලියා පිටේ නැඟී යාමට ඉඩකඩ තිබෙන බව ද එ.ජා. ප මන්ත්රීවරයා අවධාරණය කෙළේ ය. මින් ඉදිරියට ජනතා බලයක් නොමැති පක්ෂවල උවමනාවට එ.ජා.පය හෝ එ.ජා.ප නායකත්වය නැටවීමට ඉඩ ලබා නොදීමට එ.ජා.ප ජ්යෙෂ්ඨයන් තීරණය කැර ඇති බව ද හෙතෙම ප්රකාශ කළේ ය. මින් ඉදිරියට ජනතා බලයක් නොමැති පක්ෂවල උවමනාවට එ.ජා. පය හෝ එ.ජා. ප නායකත්වය නැටවීමට ඉඩ ලබා නොදීමට එ.ජා. ප ජ්යෙෂ්ඨයන් තීරණය කැර ඇති බව ද හෙතෙම ප්රකාශ කළේ ය.
ප්රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසුරිය මහතා වෙමර මහ මැතිවරණයට මාතර දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට නියමිතයි. මාතර ඓතිහාසික බෝධිය අසල අද (17) පැවති උත්සවයක දී ජයසූරිය මහතා තම දේශපාලන ගමනට මුල් පියවර තැබූ අතර ත‍්‍රස්තවාදය නිමා කර නිදහස් රටක් නිර්මානය කර දුන් ජනාධිපතිතුමාට කෘතගුණ සැලකීමක් වශයෙන් තමා දේශපාලනයට පිවිසි බව ද ඒ මහතා මෙහිදීප‍්‍රකාශ කළේය
සාමාන්‍යයෙන් මිනිසුන් වයස්ගතවීමේදී ඇතිවන රෝගී තත්වයක් වන ‘ඩිමෙන්සියා’ රෝගී තත්වය උත්සන්න වී තිබෙන ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගේ සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීමට අවශ්‍ය නිසි ප‍්‍රතිකාර ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, එහි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක ප‍්‍රමුඛ කණ්ඩායම විසින් වළකා ඇතැයි ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මෙකී රෝගී තත්වය නිසා අමරසිංහ මහතා දැන් පසුවන්නේ යථාවබෝධයේ ඌනතාවයකින් වන අතර එය එක්තරා අන්දමක මානසික රෝගයකි. ඒ අනුව අමරසිංහ මහතා දැන් මානසික රෝගියෙකි. සෝමවංශ අමරසිංහ මහතා පසුවන්නේ බයිපාස් සැත්කමක්ද කර ඇති තත්වයක් යටතේ නිසා උපදෙස් ලැබී තිබෙන්නේ නිසි ලෙස ප‍්‍රතිකාර ලබා උපරිම ලෙස විවේක ගන්නා ලෙසයි. ජවිපෙ දේශපාලන මණ්ඩලයේදීද මෙය සාකච්ඡවට ගෙන ඇති නමුත් එම සාකච්ඡව ඉදිරියට කරගෙන යාමට අනුර දිසානායක ප‍්‍රමුඛ කණ්ඩායම එතරම් කැමැත්තක් දක්වා නොමැත. සෝමවංශ අමරසිංහද කැමැත්තක් දක්වා ඇත්තේ ප‍්‍රතිකාර සඳහා ටික කාලයකට විදෙස් ගත වීමටය. එහෙත් ජවිපෙ දේශපාලණ මණ්ඩලයේ බහුතරයේ මතය වී ඇත්තේ පක්‍ෂයක් ලෙස තමන් මේ මුහුණ දෙමින් තිබෙන්නේ තම දේශපාලන ගමනේ බිහිසුනුම සහ මාරාන්තිකමකාල පරිච්ඡේදය වන නිසා අන් සියළු කාරණා මේ තත්වයට දෙවෙනි වන බවය. තම දිවියේ අවසන් පරිච්ඡේදය ගත කරන වියපත් මිනිසෙකු වන සෝමවංශ අමරසිංහ පසුගිය ආසන්න කාලය තුල කරන ලද ප්රකාශ වලින් මේ බව මනාව තහවුරු වේ. ඔහු විසින් ප‍්‍රසිද්ධියේ කරන ලද ජනාධිපතිවරණයේ පරිඝණක වංචා චෝදනාවට උවමනා සාක්‍ෂි නොමැති බව ජවිපෙ ප‍්‍රධාන ලේකම් වරයාම අද පිළිගෙන ඇත. එමෙන්ම පසුගිය දින කිහිපය තුල ජවිපෙ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂන වලදී ඔහු දක්වන ලද අදහස්ද ඔහුගේ මනසේ අසමතුලිතතාවය මැනවින් විදහා දක්වයි. ඔහු ප‍්‍රතිකාර අවශ්‍ය මිනිසෙකි. විවේක ගත යුතු මිනිසෙකි. එහෙත්.....
.
සරත් ෆොන්සේකාගේ බිරිඳ අනෝමාත් තමාත් හුඟක් ළඟින් හිතවත්ව ආශ්රය කළ නමුත් මගේ මහත්තයා පිළිබඳව නිර්නාමිකව ලැබුණ පෙත්සමක් නිසා සරත් ෆොන්සේකා මහතා ඔහු හමුදාවෙන් අස්කර දැමූ බව මේජර් ජෙනරාල් පරාක්රම පන්නිපිටිය මහතාගේ බිරිය අචිනි ඉරෝමා පන්නිපිටිය මහත්මිය පැවසුවා ය. අනෝමා අක්කාත් ජෙනරාල් සරත් ෆොන්සේකාත් අද පත්ව සිටින ඉරණම දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල දීමක් ලෙස තමා දකින බව නැඟෙනහිර ආඥාපතිව සිටි හිටපු හමුදාපතිවරයාගේ අසාධාරණ දඬුවම්වලට පාත්ර වූ මේජර් ජෙනරාල් පරාක්රම පන්නිපිටිය මහතාගේ බිරිඳ කියා සිටියා ය. අනෝමා අක්කාත් ජෙනරාල් සරත් ෆොන්සේකාත් අද පත්ව සිටින ඉරණම දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල දීමක් ලෙස තමා දකින බව නැඟෙනහිර ආඥාපතිව සිටි හිටපු හමුදාපතිවරයාගේ අසාධාරණ දඬුවම්වලට පාත්ර වූ මේජර් ජෙනරාල් පරාක්රම පන්නිපිටිය මහතාගේ බිරිඳ කියා සිටියා ය. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවාය. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවාය. මගේ සැමියාත් සේවය කළේ සිංහ රෙජිමේන්තුවේයි. මගේ සැමියාත් සේවය කළේ සිංහ රෙජිමේන්තුවේයි. හමුදාවෙන් ඔහු අසාධාරණ ලෙස නෙරපා දැමූ අවස්ථාවේ මම කාන්තාවක් ලෙස හුඟක් අසරණ වුණා. හමුදාවෙන් ඔහු අසාධාරණ ලෙස නෙරපා දැමූ අවස්ථාවේ මම කාන්තාවක් ලෙස හුඟක් අසරණ වුණා. නමුත් මම කාන්තා හඬක් නන්වන්නට හෝ එක් එක් කෙනා හමුවන්නට නොගොස් මගේ දුක කියා සිටියේ උඩ ඉන්න දෙවියන්ටයි. නමුත් මම කාන්තා හඬක් නන්වන්නට හෝ එක් එක් කෙනා හමුවන්නට නොගොස් මගේ දුක කියා සිටියේ උඩ ඉන්න දෙවියන්ටයි. අද අනෝමා ෆොන්සේකා මහත්මිය මෙන් තම සැමියා පිළිබඳව කාන්තාවන්ට ම ආයාචනා කරමින් මම කාන්තා හඬක් හෝ රටේ හඬක් නඟන්නට ක්රියාකළේ නැහැ. අද අනෝමා ෆොන්සේකා මහත්මිය මෙන් තම සැමියා පිළිබඳව කාන්තාවන්ට ම ආයාචනා කරමින් මම කාන්තා හඬක් හෝ රටේ හඬක් නඟන්නට ක්රියාකළේ නැහැ. මගේ සැමියා හමුදාවෙන් නෙරපා ලබාදුන් දඬුවම මම හමුදා නීතිය යටතේ විඳ දරා ගනිමින් කටයුතු කළා. මගේ සැමියා හමුදාවෙන් නෙරපා ලබාදුන් දඬුවම මම හමුදා නීතිය යටතේ විඳ දරා ගනිමින් කටයුතු කළා. ශ්රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ශ්රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළා. මම එදා වින්දේ මගේ සැමියා නොකළ වරදක වේදනාවක්. මම එදා වින්දේ මගේ සැමියා නොකළ වරදක වේදනාවක්. සරත් ෆොන්සේකා සහ අනෝමා ගේ දරුවෝ දැන් ලොකුයි. සරත් ෆොන්සේකා සහ අනෝමා ගේ දරුවෝ දැන් ලොකුයි. නමුත් මගේ දරුවෝ මගේ මහත්තයා සහ මම ඒ අවස්ථාවට මුහුණ දෙනවිට කුඩා අයයි. නමුත් මගේ දරුවෝ මගේ මහත්තයා සහ මම ඒ අවස්ථාවට මුහුණ දෙනවිට කුඩා අයයි. මගේ ලොකු දුවට අවුරුදු 12 යි. මගේ ලොකු දුවට අවුරුදු 12 යි. පුතාලා දෙන්නා අවුරුදු 5 සහ 4 වයස් වල යි පසු වුණේ. සැමියා අත්අඩංගුවේ පසුවන අවස්ථාවේ මට මේ දරු පැටවුන් සමඟ පාරට බහින්න සිදු වුණා. නිල නිවෙසින් ද මසක් ඇතුළත එළවා දැම්මා. පුතාලා දෙන්නා අවුරුදු 5 සහ 4 වයස් වල යි පසු වුණේ. සැමියා අත්අඩංගුවේ පසුවන අවස්ථාවේ මට මේ දරු පැටවුන් සමඟ පාරට බහින්න සිදු වුණා. නිල නිවෙසින් ද මසක් ඇතුළත එළවා දැම්මා. මගේ දුකට අන්තිමේදී පිහිට වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. මගේ දුකට අන්තිමේදී පිහිට වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. එතුමාගේ කාරුණික බව හා මිනිසත්කම නිසයි එතුමාට ලොකු ජයග්රහණයක් පවා ලැබුණේ. එතුමාගේ කාරුණික බව හා මිනිසත්කම නිසයි එතුමාට ලොකු ජයග්රහණයක් පවා ලැබුණේ. මගේ මහත්තයා හමුදාවෙන් එළවා දමන්න කිසිදු සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. මගේ මහත්තයා හමුදාවෙන් එළවා දමන්න කිසිදු සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. නිර්ණාමික ලිපියකටයි හිටපු හමුදාපතිවරයා ඔහුට මෙහෙම සැලකුවේ. නිර්ණාමික ලිපියකටයි හිටපු හමුදාපතිවරයා ඔහුට මෙහෙම සැලකුවේ. වැටුප් බාගයක් දෙනවා කිව්වා එහෙම බාගයක වැටුපක්වත් ලැබුණේ නැහැ. වැටුප් බාගයක් දෙනවා කිව්වා එහෙම බාගයක වැටුපක්වත් ලැබුණේ නැහැ. හමුදාවේ කිසිම කෙනෙකුවත් අපි ගැන බලන්න එව්වෙත් නැහැ. හමුදාවේ කිසිම කෙනෙකුවත් අපි ගැන බලන්න එව්වෙත් නැහැ. නැඟෙනහිර ජයග්රහණයට මගේ මහත්තයාත් සම්බන්ධ වුණා. නැඟෙනහිර ජයග්රහණයට මගේ මහත්තයාත් සම්බන්ධ වුණා. නමුත් සරත් ෆොන්සේකාගේ අමනාපය නිසාම ඔහුගේ නම සඳහන් වුණේ නැහැ. නමුත් සරත් ෆොන්සේකාගේ අමනාපය නිසාම ඔහුගේ නම සඳහන් වුණේ නැහැ. හමුදාවේ ඉන්න අය මෙන් ම ඒ අයගේ පවුල්වල අයත් හුඟාක් දේ කැප කරනවා. හමුදාවේ ඉන්න අය මෙන් ම ඒ අයගේ පවුල්වල අයත් හුඟාක් දේ කැප කරනවා. මමත් එහෙම හුඟාක් දේ මහත්මයා වෙනුවෙන් කැප කෙරුවා. මමත් එහෙම හුඟාක් දේ මහත්මයා වෙනුවෙන් කැප කෙරුවා. නමුත් අන්තිමට අපට සිද්ධ වුණේ හමුදාවේම ප්රධානියාගේ පළි ගැනීමට ලක්වීම පමණයි. නමුත් අන්තිමට අපට සිද්ධ වුණේ හමුදාවේම ප්රධානියාගේ පළි ගැනීමට ලක්වීම පමණයි
යුද හමුදා පනතේ 129 වැනි වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව යුදාධිකරණය හමුවේ චෝදනා තුනක් ඉදිරිපත් කරන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය. මේ චෝදනා අතර බරපතලම චෝදනාව වන්නේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට ඔහු කර ඇති ප්‍රකාශයයි. යුද හමුදා බලධාරීහු මේ වන විට ජෙනරාල්වරයා ඇමරිකාවේ සිට කොළඹ ඇතැම් දේශපාලනඥයන්ට ගත් දුරකථන ඇමතුම්වල සියලු තොරතුරු සොයාගෙන ඇත. දැනට ජෙනරාල්වරයා නාවික හමුදාපති තිසර සමරසිංහ මහතා කලින් සිටි නිවසේ රඳවාගෙන සිටි.
විශ්රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්නට අයත් ආරක්ෂිත ලාච්චු හතරක තිබී රුපියල් කෝටි හතහමාරක මෙරට හා විදේශ මුදල් තොගයක් තමන් බාරයට ගත් බව රහස් පොලිසිය ඊයේ (15) සවස කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැන්වීය. මෙම ආරක්ෂක ලාච්චු හතර පෞද්ගලික බැංකුවකට අයත්ව තිබිණි. මහේස්ත්‍රාත්තුමියගෙන් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව කොළඹ තිඹිරිගස්යායේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ වූ ආරක්ෂිත ලාච්චු හතර ධනුන තිලකරත්නගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරියේ විවෘත කළ බවද රහස් පොලිසිය පවසයි. ඉන් ආරක්ෂිත ලාච්චු දෙකක් අශෝකා තිලකරත්න මහත්මිය නමින් වූ බවත්, ඉතිරි ලාච්චු දෙක ධනුන තිලකරත්නගේ ළඟම ඥාතීන් බව කියන සේපාල හා ජයවර්ධන මහත්මීන් නමින් තිබූ බවත් අධිකරණයට දැන් වු රහස් පොලිසිය එම ආරක්ෂිත ලාච්චු හතරම පරිහරණය කිරීමේ බලය අශෝකා තිලකරත්න මහත්මියට තිබූ බවද පැවැසීය. අමෙරිකා එක්සත් ජනපද ඩොලර් 525000ක්ද ස්ටර්ලින් පවුම් 2000ක් ඇතුළු මෙරට මුදල් එම සොයාගත් මුදල් අතර වූ බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. මේ මුදල් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අයිති බව අශෝකා තිලකරත්න මහත්මිය රහස් පොලිසියට දන්වා සිටි බව ඊයේ (15) සවස වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය පැවැසීය. විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ඉල්ලීම මත තම පුතා වන ධනුන තිලකරත්නට අයත් ආරක්ෂිත ලාච්චු හතරේ එසේ එම මුදල තැන්පත් කළ බවද ඇය රහස් පොලිසියට වැඩිදුරටත් පවසා සිටි බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. මේ මුදල් සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය
ෆොන්සේකා අවුරුදු 5 ක් හිරේ දැමිය හැකියි....
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හැකි ඉක්මනින් යුධ අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය ද්‍රෝහී වීමේ වරදට ෆොන්සේකා මහතා වසර 5 ක් බන්ධනාගාර ගත කළ හැකි බව ද හෙතෙම කියා සිටියේ සිංගප්පූරු මාධ්‍යයකට අදහස් දක්වමිනි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ නෝර්වේ සහය ලබා දී ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.
ආරක්ෂක අංශ සාමාජිකයෙකු ධූරයෙන් විශ්‍රාම ලැබූවද 6 මසක කාලයක් තුළ හමුදා නීතිය අනුව කටයුතු කළ හැකි බවත්,ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ක්‍රියාත්මක වීම නීත්‍යනුකූල බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා තමා අාණ්ඩුවට එක්වන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි. හෙතෙම පවසන්නේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීමෙන් ආණ්ඩුවේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කෙරෙන බවයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදිනියක් මේ සම්බන්ධයෙන් විමසීමක් කළාය. එහිදී ඔහු ප්‍රකාශ කළේ ලාල්කාන්ත මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට නිරන්තරයෙන් දුරකතන ඇමතුම් ලබාදෙන බවයි
1971 අරගලයේ දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව කටයුතු කළ මුල් පෙළේ නායකයන් පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ දී ජවිපෙ ගත් තීන්දුවට ජනපතිට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. මේ සඳහා ‘71 සහෝදරත්වයේ හඩ’ නමින් ඊයේ (07) මෙම පිරිස මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කළ අතර ජේමිස් සමරතුංග, විල්ෆ‍්‍රඞ් පෙරේරා, කළ්‍යාන කරුණාරත්න, මහින්ද ජයවර්ධන, ඞී.ඒ. ගුණසේකර, සුනිල් සිල්වා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. කිසිදු වැඩපිළිවෙලකින් හෝ ඉලක්කයකින් තොරව වර්තමාන ජවිපෙ බංකොළොත් නායකයන් විසින් තම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයේ අතකොළුවක් කිරීමට එරෙහිව මෙම තීරණය ගත් බවත් මේ ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා දිනවීමට උපරිමයෙන් මැදිහත් වන බවත් ඒ මහත්වරුන් මෙහිදී අවධාරණය කළහ.
මාධ්‍යවේදීන්ට අමානුෂික බලපෑම් කරමින් ඔවුන්ගේ වෘත්තිය නිසි ආකාරයෙන් ඉටු කිරීමට නොහැකි තත්වයක් ඇතිකල එවකට යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ඊයේ දිනයේ අපූර්ව ආකරයේ රැළියකට සහභාගී විය. එම රැළිය සංවිධානය කර තිබුනේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට විරුද්ධව හඩක් නැගීම සදහාය. සරත් ෆොන්සේකාට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට විරුද්ධව හඩක් නැගීමට සදාචාරාත්‍මක අයිතියක් නැත. මන්ද ඔහු තරම් යුධ හමුදාව තුලත් ඉන් පිටතත් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට කටයුතු කල අයෙක් නැති තරම්ය. යුධ හමුදාව තුල සරත් ෆොන්සේකා සිදුකරනු ලැබූයේ ඔහුට හිතවත් කණ්ඩායම් සාදා ගැනීමයි. හමුදාව තුල වූ ෆොන්සේකා කණ්ඩායම් නිසා යුද්ධයේ තීරණාත්මක කාර්යභාරයක් සිදුකල ඇතැම් ෙජ්ෂ්ඨ නිළධාරීන්ට දැඩි අසාධාරනකම් වලට මුහුණදීමට සිදුවිය. මීට අමතරව සරත් ෆොන්සේකා මාධ්‍යවේදීන්ට සිදුනරනු ලැබූ අමානුෂික පලපෑම් හමුවේ මුළු රට තුලම මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වු ස්වභාවයකට පත්විය. සරත් ෆොන්සේකාට විරුද්ධව පුවත් පල කරන මාධ්‍යවේදීන්ට ඔහු සැලකූයේ වෛරක්කාරයන්ට මෙනි. එවන් මාධ්‍යවේදීන් ලුහුබැදීම සඳහා ආයුධ සන්නද්ධ කල්ලි කීපයක් ඍජුවම ඔහු යටතේ ක්‍රියාත්මක විය. කීත් නොයාර්, රිවිර පුවත් පතේ ප්‍රධාන කතෘ සහ පෝද්දල ජයන්ත වැනි මාධ්‍යවේදීන්ට පහර දීම ලසන්ත වික්‍රමතුංග වැනි අයගේ ඝාතනයන් පසුපස සිටින්නේ සරත් ෆොන්සේකාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ සන්නද්ධ කල්ලි බව නොරහසකි. මේ පිළිබඳව හොඳින්ම දැන සිටියේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බව ඔවුන් එකල සිදුකරන ලද ප්රකාශ වලින් පෙනීයයි. මෙවන් ඉතිහාසයක් ඇති සරත් ෆොන්සේකාට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම් පිළිබඳව කතාකල හැකිද?
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ නොයන ලෙස ප්‍රවීණ නළු ශ්‍රියන්ත මෙන්ඩිස්ට සරත් ෆොන්සේකාගේ මාෆියාවෙන් මීට දින කීපයකට පෙර දුරකථනයෙන් අමතා තර්ජනය කල බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තා වේ. ෙජනරාල් මාෆියාවේ සාමාජිකයෙක් ශ්‍රියන්ත මෙන්ඩිස්ට පවසා ඇත්තේ තාරුණ්‍යයට හෙටක් සංවිධානය මගින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන දැන්වීමේ පෙනී සිටින සෑම කෙනෙක්ම ඒ සඳහා මුදල් ලබාගෙන පෙනී සිටි බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන ලෙසයි. ඒසේ ප්‍රකාශ කරන්නේනම් රුපියල් ලක්ෂ 5ක මුදලක් ශ්‍රියන්ත මෙන්ඩිස්ට ලබා දෙන බවද ෙජනරාල් මාෆියාවේ සාමාජිකයා පවසා ඇත. ඍජුවම එම යෝජනාව ප්‍රතික්ෂේප කල ශ්‍රියන්ත මෙන්ඩිස් පවසා ඇත්තේ මුදල් වෙනුවෙන් කිසිසේත්ම එවැනි අසත්‍යය ප්‍රකාශයක් සිදුකල නොහැකි බවයි. තම සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකිබව දැන ගත් සරත් ෙෆාන්සේකාගේ මැරයින් පසුව ශ්‍රියන්ත මෙන්ඩිස් ට තර්ජනය කරමින් ප්‍රකාශ කර ඇත්තේ නැවතත් එවැනි ආකාරයේ දැන්වීම් වල පෙනී නොසිටින ලෙසයි. මෙම සිදුවීම පිළිබඳව කිසිදු මාධ්‍යයකට නොපවසන ලෙසටත් එසේ උවහොත් ශ්‍රියන්ත මෙන්ඩිස් ඝාතනය කරන බවටත් මෙම මැරයින් තර්ජනය කර ඇතිබව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ අප වෙත වාර්තා වේ. තාරුණ්‍යයට හෙටක් දැන්වීමේ පෙනී සිටින බොහෝ නළු නිළියන් සඳහා මේ වන විටත් සරත් ෆොන්සේකාගේ මැරයින්ගෙන් විවිධ තර්ජන එල්ලවී ඇති බවත් සැලයි.